හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය ක්‍රීඩාංගණය නවීකරණය කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) ආරම්භ කර තිබේ.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 4ක මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රීඩකයන් 6,500කට අධික පිරිසක් ඉගෙනුම ලබන මෙම පාසලේ ක්‍රීඩාංගණය ක්‍රිකට් සහ මලල ක්‍රීඩා කළ හැකි අයුරින් නවීකරණය කිරීමටත්, ක්‍රීඩා නැරඹුම් මැදිරියක් ඉදි කිරීමටත් නියමිත අතර, පාසලේ මේස පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට ද අවශ්‍ය සහයෝගය ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ, අසිත නිරෝශන්, දේවානාන්ද සුරවීර සහ විදුහල්පති අජිත් ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබේ.
















