හෝමාගම පිටිපන ගලගාහේන ප්‍රදේශයේදී කුලී යතුරුපැදි රියදුරෙකු ගෙල කපා ඝාතනය කර ඔහුගේ සිරුර ඇල මාර්ගයකට දමා පළායාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන අගෝස්තු 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කර තිබෙනවා.
මින්නේරිය ප්‍රදේශයේදී ඝාතනයට යොදාගත් ආයුධය සමඟ අත්අඩංගුවට ගත් 51 හැවිරිදි රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. ඝාතනයෙන් පසු සැකකරු මියගිය රියදුරුගේ යතුරුපැදිය, හිස් ආවරණය සහ ජැකට්ටුව රැගෙන හෝමාගම නගරයේ ආපන ශාලාවකට ගොස් ඇති බවට සීසීටීවී දර්ශන මගින් අනාවරණය වී තිබූ අතර, ඝාතනයට අනුබල දුන් සැකකරුගේ පුත්‍රයාද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.














