2026 ආසියානු රග්බි පිරිමි ශූරතාවලිය (Asia Rugby Men’s Championship) යටතේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර කොළඹදී පැවැති උද්වේගකර තරගයෙන් ලකුණු 15-14ක් ලෙස තියුණු ජයග්‍රහණයක් අත්කර ගැනීමට හොංකොං කණ්ඩායම සමත් විය.
තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම කරට කර දක්ෂතා දැක්වූ අතර, ප්‍රේක්ෂකයින් මහත් ඉහළින් ආකර්ෂණය කරගත් සටනක් කොළඹ ක්‍රීඩාංගණයේදී දැකගත හැකි විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වුව ද, අවසානයේ එක් ලකුණක අවාසනාවන්ත පරතරයකින් තරඟයේ ජය තමන් සතු කර ගැනීමට හොංකොං ක්‍රීඩකයින් සමත් විය.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරතාවලියේ ඉදිරි තරග සඳහා වඩාත් දැඩි සූදානමකින් සහ උපායමාර්ගික වෙනස්කම් සමඟින් අවතීර්ණ වීමට සිදුවන බව රග්බි විචාරකයෝ පෙන්වා දෙති.













