පසුගිය වසරේ හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ වං ෆුක් කෝර්ට් නිවාස සංකීර්ණයේ ඇති වූ දරුණු ගින්නෙන් විපතට පත් වූවන් හට සිය විනාශ වූ නිවෙස් කරා ගොස් ඉතිරිව ඇති දේපල ලබා ගැනීමට දැන් නව තාක්ෂණික සහයක් ලැබී තිබේ. මෙම මාරාන්තික ගින්නෙන් පුද්ගලයන් 168 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 4,000කට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි විය. මාස හතරකට වැඩි කාලයකට පසු 59 හැවිරිදි ෆැනී මොක් වැනි පදිංචිකරුවන් සිය බඩු බාහිරාදිය සොයා ගැනීම සඳහා රොබෝ තාක්ෂණයෙන් යුත් බාහිර අස්ථි පද්ධති (robotic exoskeleton legs) භාවිතා කරමින් 13 වන මහල දක්වා පඩිපෙළ නැගීමට සූදානම් වෙති.
වසර 30ක් පුරා තමන් ජීවත් වූ නිවස වෙත යාමට මෙම රොබෝ පාද උපකරණය විශාල ශක්තියක් වන අතර විශේෂයෙන්ම විදුලි සෝපාන ක්‍රියා විරහිත වී ඇති පසුබිමක වැඩිහිටි පිරිස්වලට මෙය මහඟු පිටිවහලක් වී තිබේ. පසුගිය නොවැම්බර් මස අග භාගයේදී ඇති වූ මෙම මාරාන්තික ගින්න හොංකොං ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකයක් ලෙස සැලකෙන අතර තවමත් එම කම්පනයෙන් මිදීමට උත්සාහ කරන වැසියන්ට සිය අතීත මතකයන් අවදි කරන ඉතිරිව ඇති දේපල සොයා ගැනීමට මෙම තාක්ෂණික මැදිහත්වීම ඉහළ මානුෂීය වටිනාකමක් එක් කර ඇත.














