27 April 2024
#සංවර්ධන

විදේශ ගත ශ්‍රමිකයින්ට HOPE GATE කටුනායක ගුවන්තොටුපොලේදී විවෘත වෙයි

විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙමින්, විදේශ ගත ශ්‍රමිකයින් සදහාම වෙන්වූ විශේෂ පිවිසුම් ද්වාරය, HOPE GATE නමින් අද (01) උදෑසන විවෘත කෙරිණි.

ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතිනි.

කටුනායක ගුවන්තොටුපොලෙන් විදේශ රටකට පිටත්ව යන ශ්‍රමිකයාට මෙන්ම විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සදහා මෙම නව පිවිසුම් ද්වාරය විවෘත වේ. ඒ අනුව ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයාට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට නියමිත අතර, ඒ සදහා සහාය ලබාදීමට විශේෂ සත්කාරක සේවා සැපයීමේ කණ්ඩායමක්ද යොදවා තිබේ.

HOPE GATE හරහා ඉදිරියේදී විදේශ ගත ශ්‍රමිකයින් සදහා වෙන්වූ විශේෂ විවේක පහසුකම් ලබාගැනීමේ ස්ථානයක්ද ගුවන්තොටුපොලේ ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

මුදල් හෝ බලය ඇති පිරිසට ගුවන් තොටේ දී ලැබෙන වීඅයිපී පහසුකම විගමනික ශ්‍රමිකයන්ටත් ඒ ලෙසින් ම ලබා දෙන බවත්, HOPE GATE යනු විදෙස්ගත වන ශ්‍රමිකයා පිටවන හෝ පැමිණෙන දොරටුව පමණක් නොව රටේ අනාගතය ම ගොඩනැගීමේ බලාපොරොත්තුවේ ස්වර්ණමය ද්වාරය බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *