හොරණ නව වෙළඳ සංකීර්ණය ආසන්නයේ ගාල් කර තිබූ යතුරුපැදියක් ඉතා සූක්ෂම ලෙස අගුළු කඩා සොරකම් කරගෙන යන අයුරු අසල සවි කර තිබූ සීසීටීවී (CCTV) කැමරාවල පැහැදිලිව සටහන් වී තිබේ.
සිදු වූ මෙම සොරකම සම්බන්ධයෙන් යතුරුපැදියේ හිමිකරු විසින් හොරණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, සීසීටීවී දර්ශන ඔස්සේ අනාවරණය කරගත් සැකකරුගේ ඡායාරූප මේ වන විට නිකුත් කර ඇත. ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ හොරණ පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














