හොරණ – පාදුක්ක මාර්ගයේ ජයන්ති මාවත ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (27) උදෑසන පාදුක්ක දෙසට ධාවනය වූ මෙම ත්‍රී රෝද රථයේ පසුපස රෝදයක් ගැලවී යාමෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු පාදුක්ක රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා හතරලියැද්ද ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
















