හොර්මුස් සමුද්ර සන්ධිය ආසන්නයේ ගමන් කරමින් තිබූ කන්ටේනර් නෞකාවක් සහ බල්ක් කැරියර් (වියළි භාණ්ඩ ප්රවාහන) නෞකාවක් පසුගිය පැය 24 තුළ වෙන වෙනම එල්ල වූ ප්රහාර හේතුවෙන් මුහුදුබත් වී ඇති බව සමුද්රීය නිලධාරීහු පවසති.
ඇමෙරිකාව විසින් ඉන්දීය සහ ඉරාන වරායන් අවහිර කිරීම සහ දැඩි සම්බාධක පැනවීම හේතුවෙන්, පසුගිය දින 10 තුළ මෙම ජල මාර්ගය ආශ්රිත ප්රහාර දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වේ. සිංගප්පූරු ධජය යටතේ ධාවනය වූ ‘ජී.එෆ්.එස්. ප්රයිඩ්’ (GFS Pride) කන්ටේනර් නෞකාව සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් තිබියදී ප්රහාරයකට ලක්ව ගිලී ගොස් ඇති අතර, එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 21 දෙනාම ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකි වී ඇත.
මීට අමතරව, ඇන්ටිගුවා සහ බාබුඩා ධජය යටතේ ක්රියාත්මක වූ ‘කේප් ඩාඕ’ (Cape Dao) නෞකාවද පසුගිය සැප්තැම්බර් 23 වැනි දින ප්රහාරයකට ලක්වීමෙන් පසු මේ වන විට සමුද්ර සන්ධිය ආසන්නයේ ගිලී ගොස් ඇති බව ජාත්යන්තර සමුද්රීය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි. පසුගිය පෙබරවාරි 28 වැනි දින ආරම්භ වූ යුද ගැටුම්වලින් පසු මෙලෙස මුහුදුබත් වී ඇති නෞකා සංඛ්යාව තුනකි. ගෝලීය තෙල් සහ ද්රවීකරණය කරන ලද ස්වාභාවික වායු (LNG) ප්රවාහනයෙන් පස්වන කොටසක් පමණ ගමන් කරන හොර්මුස් සමුද්ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳව මෙම තත්ත්වය හමුවේ දැඩි කනස්සල්ලක් මතුව තිබේ.
















