ලෝකයේ වඩාත්ම සංවේදී සහ කාර්යබහුල නාවික මාර්ගයක් වන හෝර්මස් සමුද්‍ර සන්ධිය මේ වන විට දැඩි ඩිජිටල් අවුල් ජාලාවකට ලක්ව ඇති බව වාර්තා වේ. ප්‍රකට සමුද්‍රීය නිරීක්ෂණ දත්ත ගබඩාවක් වන ‘Marine Traffic’ වෙත කඩා වැදී ඇති හැකර්වරුන් පිරිසක්, එම පද්ධතිය තුළ සත්‍ය වශයෙන්ම නොපවතින ව්‍යාජ නෞකා දර්ශනය කරමින් ලෝක නාවික ගමනාගමනය නොමඟ යැවීමට කටයුතු කරමින් සිටිති.
‘Dead Wallet Crew’, ‘3 Year Ghost’, ‘Defector Express’ සහ ‘Handala Outplayed’ වැනි අසාමාන්‍ය සහ අභිරහස් නම්වලින් යුත් මෙම ව්‍යාජ නෞකා, දත්ත පද්ධතිය තුළ ලියාපදිංචි කරමින් සමුද්‍රීය ආරක්ෂක ව්‍යුහය දෝලනයකට ලක් කර තිබේ. සැබෑ නෞකා ගමනාගමනය දැනටමත් අර්බුදකාරී තත්ත්වයක පවතින හෝර්මස් සමුද්‍ර සන්ධිය වැනි කලාපයක, මෙවැනි ඩිජිටල් හැකර් ප්‍රහාරයක් මගින් නාවික සැකසුම් පද්ධතිවල නිරවද්‍යතාවය බිඳ දැමීමට ඔවුන් සමත්ව ඇත. මෙම ක්‍රියාව පිටුපස පවතින්නේ හුදෙක් සයිබර් විනෝදාස්වාදයක්ද නැතහොත් උපායමාර්ගික වශයෙන් යම් පාර්ශවයක් නොමඟ යැවීමේ රහසිගත සැලැස්මක්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර සයිබර් ආරක්ෂක විශේෂඥයන් විමර්ශන ආරම්භ කර තිබේ.
















