27 April 2024
#දේශීය

ආණ්ඩුවට එරෙහිව එප්පාවල ප්‍රාදේශීය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයත් විරෝධතාවයක

ප්‍රචණ්ඩත්වය වහා නවතන ලෙස හා වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලය අද (20) දහවල් එප්පාවල නගරයේ විරෝධතාවයක නිරත වූහ.

ප්‍රධාන වෛද්‍යවරිය ඇතුළු වෛද්‍යවරුන්, හෙද-හෙදියන්, ඖෂධවේදීන්, සාත්තුසේවිකාවන්, සුළු සේවකයින් ඇතුළු රෝහලේ සියලු අංශ වල නිළධාරීන් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ.

ඔවුන් එප්පාවල රජයේ ප්‍රාදේශීය රෝහල අසලින් විරෝධතාවය ආරම්භ කර, සටන් පාඨ කියමින්, ප්‍රචන්ඩත්වය වහා නවතනු..ශල්‍යකර්ම ආපස්සට, රෝගීන් මෝචරියටද?..

ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එප්පාවල පොලිස් මංසන්ධිය දක්වා ගමන් කර, නැවත එප්පාවල නගර මධ්‍යය දක්වා ගමන් කර රෝහල් භූමියට පැමිණ විරෝධතාවය අවසන් කළහ.

විරෝධතාවයේ යෙදුණු රෝහල් කාර්ය මණ්ඩලය වෙත නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් සිසිල් පැන් ලබා දෙන අයුරුද දැක ගත හැකි විය.

 

අනුරාධපුර – තිසර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *