නැගෙනහිර පළාතට මෙන්ම කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳ උපදේශනයක් නිකුත් කර තිබේ.
මෙම ප්‍රදේශවල දිවා කාලයේදී තාප දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවවාද මට්ටම’ දක්වා ඉහළ යා හැකි බැවින්, ඉදිරි පැය කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
















