27 April 2024
#දේශීය

ගෑස් නොමැතිකමින් මාතලේ හෝටල් වැසි යාමේ තත්වයක්

දින ගණනාවක සිට මාතලේ ඇතුලු ප්‍රදේශ ගණනාවකට පවතින ගෑස් හිගය හේතුවෙන් මාතලේ නගරයේ ඇතුලු ප්‍රදේශවල ආපන ශාලා හෝටල් වසා දමා ඇති අතර බේකරි රැසක්ද වසා දැමිමට සිදුවන බව ව්‍යාපාරිකයෝ පවසයි.

මාතලේ නගරයේ හා ඒ අවට ඇති නගරවල කුඩා ආපන ශාලා රැසක් සහ ක්ෂණික කැම සකස් කරන ව්‍යාපාරික ස්ථානද මෙසේ වසා දමා ඇති බවත් ප්‍රධාන පෙළේ හොටල් කිහිපයක දින වෙන් කර ගෙන තිබු විවාහ මංගල උත්සව සහ ප්‍රිය සම්භාෂණ පැවැත්විමට නොාහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු කියයි.

මේ තත්වය හේතුවෙන් මෙම ආපන ශාලා,බේකරි ඇතලු ව්‍යාපාරික ස්ථානවල සේවය කරන පිරිස්ගේ රැකියා ද අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බවද ඔවුහු කියයි.

ගැස් අලෙවි නියෝජිතයින් පවසන්නේ ලැබෙන ගැස් සිලින්ඩර් ප්‍රමාණය ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බවය.

පාරිභෝගිකයින් කිහිපදෙනෙකුම පැවසුවේ ඇතැම් පිරිස් ගැස් ලබා දිමේදි අක්‍රමිකතා සිදු කරමින් ලබා දිමටද කටයුතු කරන බවය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *