• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුණු කූඩයට දානවා කියු එම්සීසී ගිවිසුම දැන් හොඳ වුනේ කොහොමද? ජවිපෙ ප්‍රශ්ණ කරයි

16 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නොවැම්බර් 16වැනිදා ජනාධිපතිවරණය පවත්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කිරීමෙන් පසු ආණ්ඩුවක් පිහිටුවා අදට මාසයක් ගතවන අතර ඔවුන් මැතිවරණ වේදිකාවේ පැවසුවේ කුණු කුඩයට දමන MCC ගිවිසුම මේ වන විට හොඳ වන්නේ කෙසේද යන්න ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්ණ කර සිටි.

එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මා මැතිවරණ ව්‍යාපාරය තුළ මතුකළ ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර බවයි. ඒ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළ අප්‍රේල් 21ක ප්‍රහාරය සහ ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වන ඔහු සිහිපත් කළේය.

ඒ සම්බන්ධයෙන් විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” විශේෂයෙන්ම ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම කුණු කූඩයට දාන බවයි ඔවුන් මැතිවරණ වේදිකාවේ කිව්වේ. ඒ සම්බන්ධ කරුණු හරියට අධ්‍යයනය කරන්නේවත් නැතිව මැතිවරණ වේදිකාවල ජනතාවගේ ඡන්දය දිනාගන්න යම් යම් කතා කියූ බව දැන් පැහැදිලි වෙනවා. මේ ගිවිසුම අත්සන් කළොත් ලංකාවේ ඉඩම් අයිතිය සහ ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන බව ඔවුන් ප්‍රකාශ කළා.

ආණ්ඩුව පත්වී මාසයක් ගතවෙන තැන දැන් ප්‍රකාශ කරන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යෝජනාවලියේ 70%ක් හොඳ බවයි. මුළුමනින්ම කුණුකූඩයට දානවා කිව්ව යෝජනාවලිය දැන් 70%ක් හොඳ වෙන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා. මොන නිර්ණායක අනුවද එහෙම කියන්නේ. මොන කරුණුද හොඳයි කියන්නේ, කියලා ඔවුන් ජනතාවට පැහැදිලි කළ යුතුයි.

රනිල්-මෛත්‍රී ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරන්න කැබිනට් තීන්දුවක් ගත්තා. අපි ඒ අවස්ථාවෙත් කිව්වේ, මේ ගිවිසුම විතරක් නොවෙයි 1995 අත්සන් කළ සෝෆා ගිවිසුමත්, 2007 මාර්තු 05දා එවකට ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහ මෙරට හිටපු අමෙරිකානු තානාපති රොබෙටෝ බ්ලේක් මහත්මයා අත්සන් කළ ඇක්සා ගිවිසුමත් අපේ රටේ ජාතික ආරක්ෂාවටත් ස්වෛරීභාවයටත් බරපතළ අනතුරක් බවයි. දැන් අත්සන් කරන්න සූදානම් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ප්‍රධානියා සෝන් කෙයාන්ක්‍රොස් ඍජුවම පත්කරන්නේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින්. ඔහු ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ උපදේශකයෙක්. මිලේනියම් චැලේන්ජ් ආයතනයේ ඔහුට අමතරව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉන්නවා. ඒවගේම ඊට අමතරව තවත් සිව්දෙනෙක් ඉන්නවා. එහෙම නම් මේ ආයතනය ස්වාධීන ආයතනයක් වෙන්නේ කොහොමද?

මිලේනියම් චැලේන්ජ් ආධාර මේ රටට ලබාදීමට නිර්ණායක 18ක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට අනුකූල නම් තමයි ඩොලර් මිලියන 480ක ආධාර මුදල ලබාදෙන්නේ. ඇත්තටම මේ ආධාර යටතේ අධිරාජ්‍යවාදීන්ගේ යටි අරමුණු ඉෂ්ටකර ගන්න බලාපොරොත්තු වෙන බව පැහැදිලියි. ආසියාවේ චීනය එක්ක ඇමෙරිකාවට තිබෙන තරගය ආර්ථිකමය සහ යුධමය පැතිදෙකක් දැනටමත් බලපාලා තිබෙනවා. ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් ආසියානු කලාපයට ඍජුව මැදිහත් වෙන්න වර්තමානයේ තොරා ගන්නේ මේ වගේ ගිවිසුම්. ඒ නිසා දේශපාලන අර්ථයෙන් ගත්තාම මෙය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතුයි.

නමුත් කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කර තිබුණේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ගැන ආචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත්කරන්න. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මේ ගිවිසුමට විරුද්ධව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර, වාර්තාවක් ඉදිරිපත් කරන බවයි. මැතිවරණ වේදිකාවේදී සම්පූර්ණයෙන්ම කුණුකූඩයට දාන බව කියූ මේ ගිවිසුම 70%ක් හොඳ බව කියන්නේ මාර්ග සංවර්ධනයට අදාළව තිබෙන කොන්දේසි අනුවයි. නමුත් මේ අනුව අපේ රටේ මාර්ග සංඥා පද්ධතියත් ඒ ආශ්‍රීත සියලු දත්තත් ඇමෙරිකාවට ලැබෙනවා. අනෙක් පැත්තෙන් ඉඩම් සම්බන්ධයෙන් තිබෙන්නේ බරපතල ගැටලුවක්. එදා ඡන්ද ටික ලබාගන්න ජනාධිපතිවරණ වේදිකාවේ විරුද්ධව කතා කරපු අයම, දැන් ඇමෙරිකානු සල්ලිටික ගන්න ඵක්‍ක්‍ හොඳයි කියනවා. මේ නිසා ශ්‍රී මහා බෝධියත් අපිට අහිමිවෙන බව එදා කියපු අය ආණ්ඩුවට මාසයක් යන්න කලින් සළුපිළි උනා දැම්මා. ගම්මන්පිල මහත්තයා වගේම ඩලස් අලහප්පෙරුම ඇතුළු ඇමතිවරුන් හැසිරීමෙන් පෙන්වන්නේ ඒ බවයි.

ඉඩම් කියන්නේ වෙළඳ භාණ්ඩයක් නොවෙයි. අපේ රටේ ජනතාවගේ පාරම්පරික අයිතියක්. පරම්පරාවට හිමිකර දෙන දෙයක්. නමුත් 70%ක් හොඳයි කියන කරුණු අතර, අපේ රටේ ඉඩම්වල හිමිකාරිත්වය, ජනතාවට අහිමිකිරීමේ අනතුරක් තිබෙනවා. ඒ වගේම දේශපාලනික වශයෙන් ජාතික ආරක්ෂාවත් රටේ ස්වෛරීත්වයත් අහිමි කෙරෙන තත්වයක් පැහැදිලි වී තිබෙනවා. නැවත සමාලෝචනය කරන්න තරම් සුදුසු නැති බව මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළත්, මාසයක් යන්නත් කලින් ඒ ගුණ වර්ණනා කරන්නේ ආණ්ඩුවේ දෙබිඩි බව ප්‍රදර්ශනය කරන්නයි. ඡන්ද ටික කොල්ලකන්න ‘මහ භයානක දෙයක්’ බව කියලා දැන් 70%ක් හොඳයි කියන්නේ මේ නිසයි.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනෑ. ඇමෙරිකාවට නිල වශයෙන් ඒ බව දන්වන්න ඕනෑ. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනීම, අනුකමිටු පිහිටුවීම වගේ ක්‍රියාවලින් තවදුරටත් ජනතාවට බොරු නොකර, මැතිවරණ වේදිකාවේ කතා කළ ස්ථාවරයේම ඉන්නවාද නැත්නම් මේ ගිවිසුම ප්‍රතික්ෂේප කරනවාද නිල වශයෙන් ඇමෙරිකාවට දැන්විය යුතුයි. හැබැයි අපට පැහැදිලි වෙන්නේ මැතිවරණ වේදිකාවලදී සම්පූර්ණයෙන්ම ප්‍රත්ක්ෂේප කළ මේ ගිවිසුම දැන් ක්‍රියාත්මක කර, රුපියල් කෝටි 8640ක් ලබාගන්න සූදානම් වන බවයි. ආධාර මුදලක් වෙනුවෙන් රට පාවාදීමට ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය, බලයට පත්වී මාසයක් යන්නත් කලින් ආණ්ඩුවේ සළුපිළි උණා දැමීමෙන් පැහැදිලි වෙනවා.

අපි කියන්නේ මේ ආධාර මුදල් වෙනුවෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන පිළිවෙතින් ඉවත්විය යුතු බවයි. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම විතරක් නොවෙයි, ඇක්සා, සෝෆා ගිවිසුම්වලිනුත් ඉවත් විය යුතුයි. මේ ගිවිසුම් රටට අහිතකර බව පැහැදිලි වී තිබෙනවා. 2007 අත්සන් කළ, ඇක්සා ගිවිසුම කාලවකවානු තීරණය කිරීමෙන් පවා තොරව රනිල්-මෛත්‍රී පාලන සමයේ දීර්ඝ කළා. ඒවගේ අහිතකර තත්වයන් තිබෙන ගිවිසුම්වලින් ඉවත්වීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු බවයි අපේ ස්ථාවරය. යැයි විජිත හේරත් මහතා පවසා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 0
Previous Post

වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන “මුතු සිනා ප්‍රසංගය පසුගියදා කරලියට

Next Post

තිරිඟු පිටි සඳහා තිබු බද්ද අඩු කෙරේ

editor

editor

Next Post

තිරිඟු පිටි සඳහා තිබු බද්ද අඩු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved