• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

HSR Engineering සමාගම, Megakem Engineering ලෙස ප්‍රති සන්නාමගත කෙරෙයි

6 April 2023
in ව්‍යාපාර

වර්ධන හෝල්ඩින්ග්ස් ගෲප්හි සාමාජිකයෙකු වන HSR Engineering (Private) Limited සමාගම සිය සහෝදර සමාගම වන Megakem Lanka (Private) Limited හි නිෂ්පාදන විශේෂඥතාව තවදුරටත් ඉහළ නංවමින් , ගුණාත්මක බවින් ඉහළ ඒකාබද්ධ සේවාවක් ලබා දීමේ මූලික අරමුණ පෙරදැරිව, Megakem Engineering (Private) Limited ලෙස නීත්‍යානුකූලව සිය නාමය වෙනස් කර ඇති බව නිවේදනය කරයි.

Megakem Lanka යනු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත විශේෂිත රසායනික අමුද්‍රව්‍ය නිෂ්පාදකයා සහ සැපයුම්කරුවකු වන අතර, Megakem Engineering සමාගම (කලින් HSR Engineering ලෙස හැඳින් වූ) ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත විශේෂිත රසායනික අමු ද්‍රව්‍ය, ආලේපන සහ ඒ ආශ්‍රිත විශේෂිත ඉංජිනේරු සේවාවන් පිළිබඳව වෘත්තීයමය භාවයෙන් යුත් කීර්තිමත් සමාගමක් වන අතර, එක්සත් රාජධානිය පදනම් කරගත් Cormix international, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂිත රසායනික අමු ද්‍රව්‍ය නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ද වේ.

මෙම පිළිබඳව අදහස් දක්වමින්, Megakem Engineering සමාගමේ සාමාන්‍යාධිකාරී මංජුල කළුබෝවිල මහතා පැවසුවේ, “Megakem Engineering නම් නව නාමය යටතේ තාක්‍ෂණික විශිෂ්ටත්වයෙන් යුතු සේවාවන් හා ගුණාත්මක භාවයෙන් සහ කාර්යක්ෂම බෙදාහැරීමේ ජාලයකින් සමන්විත සුවිශේෂී සේවාවක් මේ රටේ පාරිභෝගිකයින්ට ලබා දීමට අපි කටයුතු කරනවා. මෙය සමාගමේ නම වෙනස් කිරීමක් පමණක් බවත්, ආයතනික හිමිකාරිත්වයේ හෝ කළමනාකාරිත්වයේ වෙනස් වීමක් නොවන බවත් අවධාරණය කිරීමට කැමතියි. ඒ වගේ ම මෙම නාමය වෙනස් වීම නිසා ආයතනික මෙහෙයුම්, සැපයුම් හෝ සැපයුම් දාමයන්ට කිසිඳු බලපෑමක් සිදු නොවන බවත් පැවසිය යුතු ම යි. මෙම නව වෙනස මගින් අපගේ සහෝදර සමාගම මෙන් ම අපගේ ප්‍රධානතම ඉදිකිරීම් ආලේපන සහ විශේෂිත රසායනික අමු ද්‍රව්‍ය සැපයුම්කරු වන Megakem Lanka සමඟ ඉතා හොඳ සබඳතාවකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

Megakem Engineering සහ Megakem Lanka යන සමාගම් දෙක ම ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Wardena Holdings සමූහයේ සාමාජිකයින් වන අතර, එම සමාගම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂිත රසායනික අමු ද්‍රව්‍ය, තාර ආලේපන සහ අනෙකුත් ජල නිවාරණ ආලේපන, සහ එම නිෂ්පාදනවල ප්‍රමිතිගත යෙදවුම් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් වෙළෙඳපොළ වෙත නිකුත් කරයි. මෙම සමූහය තාර ආශ්‍රිත මාර්ග ඉදිකිරීම්, කෘෂිකර්මාන්ත, පොල් සහ පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ශරීර සුවතා වැනි ක්ෂේත්‍රවලට අදාළ නිෂ්පාදන ද බෙදාහැරීමෙහි නිරත වෙයි.

 

පිටපත -PR

Post Views: 12
Previous Post

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’

Next Post

ජාතික සංවර්ධනයට ජනතාව අතර සමඟිය සහ සහජීවනය අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

editor

editor

Next Post

ජාතික සංවර්ධනයට ජනතාව අතර සමඟිය සහ සහජීවනය අවශ්‍යයි - රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved