අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරි ජලාශයක් වන හුරුළුවැවේ ජල ධාරිතාව පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් පහළ බැස තිබේ.
පසුගිය යළ කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා ජලය නිකුත් කිරීම පසුගිය 3 වනදා සිට නවතා දමා තිබූ අතර, ඒ වන විට අක්කර අඩි 15,750 ක් ලෙස පැවැති ජල ධාරිතාව මේ වන විට අක්කර අඩි 14,895 ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වේ. හුරුළුවැවේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 55,000 ක් වන අතර, ජල මට්ටම මෙලෙස වේගයෙන් පහළ බැසීම හේතුවෙන් ඉදිරි කන්නයේ වගා කටයුතු සහ පානීය ජල අවශ්‍යතාවන්ට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ප්‍රදේශයේ ගොවි ජනතාව කනස්සල්ල පළ කරති.
















