• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි – ඇමැති චන්ද්‍රසේන කියයි

21 January 2021
in දේශීය

ඉඩම් අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ දැන ගන්න ලැබුණේ දූෂණ වංචා පිළිබඳව බලනකොට අපට ඇත්තටම හිරිකිත හිතෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ ඉඩම් සම්බන්ධයෙන් විශාල වශයෙන් වංචා දුෂණ වී ඇති බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය ” අපේ රටේ ඉඩම් කියන්නේ සියලු පුරවැසියන්ට අයිති වස්තුවක් කියලා කියන්න පුළුවන්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතමා හැම වේලේම අපට කියන්නේ මේ රටේ ඉපදුන පුරවැසියකුටම ජිවත් වෙන්න නිවසක් සකස් කරන්න ඉඩමක් ලබා දෙන්න කියලා . ඒ වගේම කෘෂිකාර්මික රටක් වශයෙන් මේ රටේ කෘෂිකාර්මිකයාට ගොවියාට වගා කරන්න ඉඩම් ලබා දෙන්න. විශේෂයෙන් ඉඩම් ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු ඉඩම් දේශපාලනයන්ගේ වුවමනා මත අවභාවිතා වෙලා තියෙනවා. 2001 සිට 2004 රජය කාලේ ඒ වගේම 2015 සිට 2020 කාලයෙත් කැපිපෙන වංචා දූෂණ හොරකම් ඉඩම් මගඩි සිදුවෙලා තියෙනවා කියලා. ඊයේ දවසේදි පොලිස්පතිවරයාට කතා කරලා ජනාධිපතිතුමාගේ අවසර අරගෙන පොලිස්පතිවරයාට කතා කරලා දුෂණ මර්ධන විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් වරයෙක් සහ සහකාර පොලිස් අධිකාරියෙක් පත් කරලා පොලිස් ඒකකයක් අමාත්‍යාංශයට පිහිටුවන්නට. ඒ අනුව දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා අපිට ලැබෙන පැමිණිලි අනුව අපිට ලැබෙන අසාධාරණකම් බලලා ඉඩම් ආපසු කෘෂිකාර්මික ජනයාට ලබා දෙන්න. ජනතාවගෙන් ඉල්ලන්නේ අවභාවිතා වී තිබෙන ඉඩම් පිළිබඳ විස්තර කියන්න කියලා. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් වශයෙන් දකිනවා කොළඹ ප්‍රදේශවල මුදලාලිලා ව්‍යාපාරිකයෝ ගිහිල්ලා ඉඩම් අක්කර 25, 30 කොටුකරගෙන තියාගෙන ඉන්නවා. මේවා අපේ රටේ වගාවට යොදා ගන්න ඕන ඉඩම්. අද කැලෑබද බවට පත් කරලා අල්ල ගෙන ඉන්නවා. අතිගරු ජනාධිපති ගෝඨාභය මැතිතමා වගා සංග්‍රාමය අපේ රටේ අවශ්‍ය ආහාර නිෂ්පාදන අපිම කර ගත යුතුයි යන්න සංකල්පය තුළ විශාල බාධාවයක් තියෙනවා. කහ, ඉඟුරු පිටරටින් ගේන ඒක නැවැත්තුවා. මේක නැවැත්තුවාම අපිට කර ගන්න බෑ කියලා. අද වෙන කොට අපට අපනයනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ බඩ ඉඟුරු, සෝයා, කවුපි, මුං වැනි බෝග 16ට මිලක් නියම කරා රජය විසින් සහතික මිලක්. ඒක සැලකිල්ලට ගෙන අපේ ගොවි ජනයාට අපේ සම්පූර්ණ ආහාර ටික නිෂ්පාදනය කරන්න පූළුවන් වුනා. මේ අවුරුද්දේ විශාල ඉලක්කයකට යන්න පුළුවන් වුණා.ආහාර නිශ්පාදනය කරනවා. හොඳ වර්ෂාපතනයක් තියෙන නිසා අපිට අවශ්‍ය සහල් ප්‍රමාණය, බඩ ඉරුඟු ප්‍රමාණය අපිට අවශ්‍ය කවුපි, මුං ඇට දේවල් අපේ රටේ නිෂ්පාදනය කිරීමට ශක්තිය ගොවියාට ලබා දීලා තියෙනවා. තව තවත් ගොවියා ශක්තිමත් කිරීමට අවභාවිත වී තිබෙන මේ ඉඩම් ටික ලබා දෙන්න කටයුතු කරනවා.

Post Views: 16
Previous Post

කොරෝනා රට පුරා… රජයට හැමෝම නිරෝධායනය කරන්න බැහැ- සුව වු මන්ත්‍රී දයාසිරි

Next Post

අපි නෑ ඕවට එජාපයෙන් නිවේදනයක්

editor

editor

Next Post

අපි නෑ ඕවට එජාපයෙන් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved