• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුංචි මිනිස්සුවට උදව් කිරීමට ලැබීම ගැන නිහතමානිව සතුටු වෙනවා -රාජ්‍ය ඇමැති ප්‍රසන්න

24 January 2021
in දේශීය

ජාතික ශිල්ප සභාව මගින් “ශිල්ප සෞභාග්‍යයට සවියක්” වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන බව ග්‍රාමීය කර්මාන්තකරුවන් නගා සිටුවීම සදහා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලවල බට ගම්මානයේ හස්ත කර්මාන්ත ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ හා වැඩහල් ඉඳිකර ගැනීම සඳහා යොදා ගැනෙන ද්‍රව්‍ය බෙදාදීමක් ඊයේ (23) අත්තනගල්ල, අලවල, පොත්ගුල්ලෙන් රජමහා විහාරස්ථානයේදී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම ගම්මානයේ කර්මාන්තකරුවන් 100 කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමිවන අතර ඒ සඳහා රුපියල් මිලියන 02 කට අධික මුදලක් වැයකර ඇත. මීට අමතරව නව වෙළඳපොල අවශ්‍යතා අනුව භාණ්ඩ නිපදවීමට අවශ්‍ය පුහුණුව ලබාදීම සදහා ස්ථීර පුහුණු මධ්‍යස්ථනයක් පිහිටුවීමට කටයුතු කරන ලෙස ගරු රාජ්‍ය අමාත්‍යතුමා මෙහිදී ජාතික ශිල්ප සභාවට උපදෙස් ලබා දුනි.

එම පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ඇතුළු සියලූම සහයෝගයන් ගරු අමාත්‍යතුමා හට ලබාදීමට, අලවල පොත්ගුල්ලෙන් විහාරාධිපති පූජ්‍ය කඹුරාවල වජිර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහිදී එකගතාවය පළකරන ලදී.

මෙම අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ… “මම පුංචි තැනකින් ආපු කෙනෙක් විදිහට මේ ඉන්න පුංචි මිනිසුන්ට උදව් කිරීමට ලැබීම පිලිබද මට තියෙන්නේ නිහතමානි සතුටක්. රටේ සෑම තැනකම ගොස් ශිල්පීන් මුණගැසුණා සේම ආචාර්ය මහාචාර්ය සම්බන්ධ කරගෙන, දේශීය ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු වලට තිරසර විසදුම් ලබාදීමට කටයුතු කරනවා. විරැකියාවට විසදුමක් වශයෙන්, එක් ග්‍රාම සේවා වසමකින් එක් ව්‍යවසායකයා බැගින් බිහිකර, ඔවුන්ට දෙපයින් නැගීසිටිය හැකි වතාවරණයක් ඇති කිරීම මාගේ අරමුණයි. පසුගිය කාලයේ අවධානයට ලක් නොවූ මෙවැනි හස්ත කර්මාන්ත වලට සහයෝගය ලබාදී ඒ තුලින් ග්‍රාමීය ආර්ථිකය සක්තිමත් කිරීම අප රජයේ අරමුණයි.” යනුවෙන් පැවසීය.

 

Post Views: 14
Previous Post

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුල නිරෝධායනය කරන්නැයි රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Next Post

මව සිය දරුවාගේ ගෙල සිරකර ඝාතනය කර තමාද සියදිවි නසා ගනි

editor

editor

Next Post

මව සිය දරුවාගේ ගෙල සිරකර ඝාතනය කර තමාද සියදිවි නසා ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved