• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි .. රනිල්ට තව අවස්ථාවක් දෙන්නම ඕන – ඇමැති ප්‍රසන්න

16 May 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු යැයි තමන් යෝජනා කරන්නේ ඒ නිසා බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම මේ මොහොතේ නුසුදුසු බවයි.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතු බවත් පවතින තත්වය තුළ පාර්ලිමේන්තු මැතිවරණයකින් මේ මොහොතේ ස්ථාවර ආණ්ඩුවක් බිහි නොවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණය පැවැත්වීමෙන් යලිත් ස්ථාවර ආණ්ඩුවක් රටට බිහිකර ගත හැකිවනු බව ඇමතිවරයාගේ අදහසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පක්ෂය සවි බල ගැන්වීම සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මීරිගම ආසනයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිණි.

තමන් රනිල්ගේ ගොට්ටෙක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අසාධාරණයක් නොකරන බවත් සහතික වූයේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා, “පක්ෂයක් කියන්නේ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක්. රටක් කියන්නේ මුළු පුරවැසියෝ සියලු දෙනාම. අපිට ලොකු වෙන්න ඕනේ රටට පක්ෂයද? පක්ෂයේ වැඩ පිළිවෙල අපි ගෙනියනවා. රට එක පක්ෂය දෙක. රට ගැන හිතලයි මම රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න තීන්දු කළේ. ඒක මගේ පෞද්ගලික මතයයි. කෙටි කාලයක් තුළ ගොඩ ආපු රටක් ලෙස ලංකාව කියලා අයි එම් එෆ් එක, ලෝක බැංකුව අද කියනවා. ඒක කරන්න පුළුවන් වුණේ මේ රටේ මිනිස්සු කරපු කැප කිරීම් නිසයි. අරගල වලට මිනිස්සු ගියේ නෑ. නායකයෝ පෙළඹුවා මිනිස්සු අරගල කරවන්න. මිනිස්සු තේරුම් ගත්තා මේ රටේ මොකක්ද වෙන්නේ කියලා. වත්මන් ජනාධිපතිතුමාට උදව් කරනවා මිනිස්සු කැප කිරීම් කරලා. ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ගත්තේ ජනප්‍රිය තීන්දු නෙමෙයි. මින්ස්සුන්ගේ දායකත්වය නොලැබුණා නම් අපිට මේක සාර්ථික කර ගන්න බැරි වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයකට ගියොත් කාටවත් බහුතරයක් ගන්න බෑ. බහුතරයක් ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ අපි ආපු ක්‍රමවේදය ඉදිරියට ගෙන යන්න නොහැකි වෙනවා. මහින්ද මහත්තයා යුද්ධය දින්නේ කරු ජයසූරිය මහත්තයත් එක්ක කණ්ඩායමක් ඇවිල්ලා පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරපු නිසයි. බහුතරයක් නැත්තම් අපිය ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වෙන්නේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තු ඡන්දයක් තියෙනවාට වඩා හොඳයි ජනාධිපතිවරයක් තියෙන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩක් කරලා පෙන්නපු නිසයි මිනිස්සු ඔහුව නැවත බලයට ගෙන්න ඕනේ කියන මතයේ ඉන්නේ. එතුමා එන්න ඕනේ පොදු ලකුණකින් පොදු සංධානයකින්. අද කියන්න අරගෙන මම රනිල්ගේ ගොට්ටෙක් වෙලා. මම යූ එන් පී එකට යන්න යනවා කියලා සමහරු කියනවා. අපි අතරෙම ඉන්න මිනිස්සුයි එහෙම කියන්නේ පිට මිනිස්සු නෙමෙයි. මම කවදාවත් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට ආසාධාරණයක් වෙන තීන්දුවක් ගන්නේ නෑ. මම තීන්දු ගන්නේ ජනතාව ගැන හිතලයි. පක්ෂ එනවා යනවා. දේශපාලනය කරනකොට දිනනවා පරදිනවා. රටක් කඩන් වැටුනොත් අපි හැමෝම වගකියන්න ඕනේ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 31,460
Previous Post

රැසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

Next Post

ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි

editor ttvnews

editor ttvnews

Next Post
ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි

ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved