• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අරගලයේ සෑබෑ මතයේ මං තවමත් ඉන්නවා – හිටපු ඇමැති දුමින්ද

1 June 2023
in දේශීය

වැරදුන සියලු දේ නිවැරදි කලොත් තමයි මේ රට හදන්න පුලුවන්කම තිබෙන්නේ බවත් අරගලයේ සැබෑ මතයේ තමා තවමත් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

කෘෂිකර්ම අමාත්‍යංශය යට‌තේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉලුප්පුකන්නිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ බඩ ඉරඟු ගොවීන් වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම හිටපු අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම එක් උපකරණ කට්ටලයක් වර්තමාන මිල යටතේ රුපියල් 110,000ක් පමණ වේ. මෙම බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල සියල්ල SAP-P ව්‍යාපෘතිය විසින් නොමිලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 5000 කට ලබා දීමට පියවර ගෙන තිබේ.ඒ යටතේ ඉලුප්පුකන්නිය ගොවිජන සේවා බලප්‍රදේශයේ ගොවීන් 350 දෙනෙකු වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල නොමිලේ බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසාානයක මන්ත්‍රීවරයා ” මේ රට මේ තත්වයට පත් වෙන්න අපි හැමෝම වගකියන්න ඔ්න, එහෙම නම් අපි එක පාර්ශවයකට විතරක් බැන්නට හරියන්නේ නෑ,හැබැයි අපි බොහෝම ආසයි ඇමතිවරුන්ට බැනලා, ආණ්ඩුවට බැනලා ඇඟ බේරගන්න.එහෙම හිතපු නිසා නේද අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ.අපි හැමෝම තම තමන්ගේ රාජකාරිය හරියට, හරි වෙලාවට කළා නම් අද අපේ රට මේ තත්වයට පත් වෙන්නේ නෑ,හැබැයි දැන් අපි මේවා කථා කරලා වැඩක් නෑ.ඒ හැම දේම දැන් ඉතිහාසයට එකතු වෙලා ඉවරයි.දැන් කියව කියව හිටියට වැඩක් වෙන්නේ නෑ,දැන් අපි සූදානම් වෙන්න ඔ්න අලුත් ගමනක් යන්න. වැටිච්ච රට ගොඩදාන්න නම් අපි හැමෝම එකා වගේ අත්වැල් බැඳ ගත යුතුයි.ඒ නිසා අපි හැමෝම අපේ රාජකාරිය කරමු.බැන්නට රටක් හදන්න පුලුවන්කමක් නෑ,බැනලා අපිට පුලුවන් හිත හදාගන්න, බැනලා අපිට පුලුවන් අපි නියෝජනය කරන කණ්ඩායමක් වෙනුවෙන් පෙනී ඉන්න.හැබැයි පෙනී හිටියට වැඩක් වෙන්‌නේ නෑ, රට හදන්න නම් ඒ වෙනසේ කොටස්කාරයෙක් බවට අපි පත් වෙන්න ඔ්න.ඒ වෙනස අපි අපේ කරගෙන ක්‍රියාත්මක කලොත් පමණයි අපිට පුලුවන්කම ලැබෙන්නේ වැටිච්ච රට නැගිට්ටවන්න.එහෙම නැතිව විවේචන කරනවා අහං ඉන්න පුලුවන්, ලස්සන කථා අහන් ඉන්න පුලුවන්. මේවා කිව්වම මාත් එක්ක මාධ්‍ය ආයතන නම් තරහා වෙනවා, උදේ පාන්දර ටී.වී, රේඩියෝ ඇහුවත්, රෑට නිවුස් එක්ක බැලුවත් අපේ රටේ ප්‍රවෘත්තියක හිත හැදෙන දෙයක් අහන්න තියෙනවාද? කාගේ හරි ඔ්පදූපයක් නේද තියෙන්නේ.අතන මෙහෙම මරලා,මෙතන මෙහෙම මරලා, මෙතන මෙහෙම දූෂණය කරලා, අතන මේක කරලා, මෙතන මේක කරලා,එක ප්‍රවෘත්තියක් තියෙනවාද ජාතියක් ගොඩනගන්න, ආගමක් ගොඩ නගන්න, මනුශ්‍යයෙක් හදන්න ප්‍රවෘත්තියක් තියෙනවාද?රෑට මේ ටික බලලා නිදිය ගන්න වෙන්නේ අනේ මම ඉන්නේ කෙළවෙච්ච රටක කියලා, ඊට පස්සේ උදේ නැගිටලා බැරි වෙලා හරි රේඩියෝ එක හරි ටී.වී එක හරි දැම්මාම ආයේ පත්තරේ මුල් පිටුවෙන් කියනවා මේ ටික සේරම,ආයේ නැගිටලත් අහන්නේ ඒ ටික.ඊට පස්සේ රාජකාරියට ගියත් ඒ ටික ඔලුවේ තියන් තමයි වැඩ කරන්නේ.ඉතින් රටක් ගොඩයයිද? ඒ නිසා මම නම් දැන් වැඩිය නිවුස් බලන්නේ නෑ, ටී.වී එකත් කැඩිලා ගෙදර, ඒකෙන් වාසියකා ලැබුණා.ටී.වී එක නොබලා ඉන්න එක මාර සැනසීමක්.නැත්නම් බුදියන්නෙත් ඔලුව විනාශ කර ගෙන, නැගිටින්නෙත් ඔලුව විනාශ කර ගෙන. රටක් අපි හදනවා නම් බැනලා විතරක් හරියන්‌නේ නෑ,අපි අතීතය තේරුම් ගන්න ඔ්න, අතීතයේ වැරදි අපි හදාගන්න ඔ්න, අතීතයේ වැරදි අවබෝධ කර ගෙන ඒවා නැවත නොවෙන්න කටයුතු කරන්න ඔ්න.අපි වැරදි කථා කර කර හිටියට වැඩක් වෙන්නේ නෑ, රෙද්දක් අරගෙන මඩේ දාලා මඩෙන්ම හෝද හෝද හිටියට වැඩක් වෙන්නේ නෑ.ඒ නිසා අපි ගමෙන් මේක පටන් ගමු. සමහර වෙලාවට කියනවා අනුරාධපුරයේ වැසිකිලි නැති පවුල් මෙච්චරක් තියෙනවා කියලා.සමහරු අහනවා අපෙන් වැසිකිලියක්වත් හදලා දීලා නැද්ද කියලා.අනුරාධපුරයේ ඉන්නවාද වැසිකිලියක් හදාගන්න බැරි මිනිහෙක්.වැසිකිලි පෝච්චියත් ආණ්ඩුවෙන් දෙන්න ඔ්න දෙයක්ද? හැබැයි මේකත් ආණ්ඩුවෙන් ඉල්ලනවා.මේ තත්වයට අපි වැටිලා.ඒ නිසා මේ තත්වයෙන් නැගිටින්න හොඳම වෙලාවේ.දැන් අපිට උදව් කරන්න කෙනෙක් නෑ, අපිට දැන් ණයක් දෙන්න කෙනෙක් නෑ, අපිම දැන් ස්වඋත්සහයෙන් නැගිටින්න ඔ්න, වැටුනම තමයි අපිට අලුත් පාරවල් පේන්නේ.දැන් අපිට අලුත් ගමනක් යන්න පුලුවන්කම තියෙනවා.ඒ නිසා එක එක්කෙනාට බැණ බැණ ඉන්නේ නැතිව, අපි නැගී සිටින්න ඔ්න. හිතන්න පවුලක තාත්තා බේබද්දෙක්,තාත්තා සල්ලි විනාශ කරනවා.පවුල වැටෙනවා.හැබැයි මොනවා කරන්නද? අපි නැගිටින්න ඔ්න නේද? ඒ වගේ තමයි රටක් විදිහට අපි මේ වෙලාවේ එක එක්කෙනාට දොස් කිව්ව‌ට, බැන්නට වැඩක් නෑ.හොරකම් කරපු අයට ඒවා වදියි.ඔය බැන ගත්තට උනුත් එකයි-මුනුත් එකයි වෙනසක් නෑ,.පාට විතරයි පොඩි වෙනසක් තියෙන්නේ.ඔක්කොම එකයි. අපි ශක්තිමත් වුණොත් අපිව පාගන්න කාටවත් පුලුවන්කමක් නෑ.‌මේ රටේ තෙල් මිළ තාමත් අපිට දරා ගන්න බෑ, ලයිට් බිල වැඩියි, වතුර බිල වැඩියි, ජීවන වියදම වැඩියි, හැම දේම වැඩියි.හැබැයි කෘෂිකර්මාන්තයට අවශ්‍යය සහන දෙනවා.100% ක්ම අපි හිතන දේ නොවෙන්න පුලුවන්.හැබැයි යම් තරමක සහනයක් තියෙනවා. අරගලයේ අපි කථා කලේ සිස්ටම් චේන්ජ් එකක් ගැන, අපි කථා කලේ වෙනස් ගැන, ඒ වෙනස කථා කලේ පාර්ලිමේන්තුවේ 225 ගෙදර ගිහින් අරගලයේ 225 ක් වාඩි වෙන එක නෙමෙයි.අපි කථා කලේ සිස්ටම් චේන්ජ් එකක් කියලා අධ්‍යාපනයේ ඉඳන් කෘෂිකර්මාන්තයේ ඉඳන්, හැදියාවේ ඉඳන්, භික්ෂූන් වහන්සේලාගේ ඉඳන්,ෆාදර්ලාගේ ඉඳන්, දෙමව්පියන්ගේ ඉඳන්,ගුරුවරුන්ගේ ඉඳන්, සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉඳන් අපෙන් වුණ වරදක් තියෙනවා නම් ඒ වැරදි නිවැරදි කරලා අලුත් ගමනක් යන්න තමයි සැබෑ අරගලයේ ජනතාව ඉල්ලුවේ.හැබැයි අරගලයත් විනාශ වුණා දේශපාලනීකරනය වෙලා.රට එක පාර හැදෙන්න තිබිච්ච අවස්ථාව වෙන එවුන් ටිකක් අරගලයට ඔලුව දාලා විනාශ කළා.අපි තාමත් ඉන්නවා අරගලයේ සැබෑ මතයේ.වැරදුන සියලු දේ නිවැරදි කලොත් තමයි මේ රට හදන්න පුලුවන්කම තියෙන්නේ.තරුණ දේශපාලඥයෝ විදිහට ඒ තැන තාමත් මම ඉන්නවා යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 13
Previous Post

Clean green city වැඩසටහන මාතලේ ඇරඹෙයි

Next Post

හෙද පුහුණුවට 3316 ක් කඩිනමින් බඳවා ගන්න – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

හෙද පුහුණුවට 3316 ක් කඩිනමින් බඳවා ගන්න - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved