• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙද පුහුණුවට 3316 ක් කඩිනමින් බඳවා ගන්න – ඇමැති කෙහෙලිය

1 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෙද සේවාව සදහා සිසු හෙද හෙදියන් 3316 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීම සදහා දිවයින පුරා සියළු හෙද පුහුණු විද්‍යාලයන්හි පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදිය.

2018-2019 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවා සිදුකළ සම්මුඛ පරික්ෂණ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම සිසු හෙද හෙදියන් පිරිස තෝරා ගැණිනි.

විශේෂයෙන් මේ වනවිට දැඩි අභියෝගාත්මක වකවානුවකට රට මුහුණදී ක්‍රමක්‍රමයෙන් ඉන් මිදෙමින් රට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙමින් පවතින මෙහොතක මෙවැනි පිරිසක් හෙද පුහුණුව බඳවා ගැනීමට පියවර ගැනීම ඉතා වැදගත් තත්ත්වයක් බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන් පවතින තත්ත්වයෙන් සාමාන්‍ය මට්ටමට යාම සදහා තවදුරටත් විවිධ ක්ෂේත්‍ර කැපකිරීම් කළ යුතු බව ද එහිදී හෙද සේවාවට නවක හෙද හෙදියන් බඳවා ගැනීමට යාමේදී හෙද විද්‍යාලවල මුලික පහසුකම් හැකි උපරිමයෙන් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත හැකි සෑම පියවරයක්ම ගනු ලබන බවත්, ඒ සදහා හෙද විද්‍යාල සහ ශික්ෂණ රෝහල් මට්ටමින්ද ලබාදිය යුතු සහයෝගය මේ ‌ ‌මොහොතේ අත්‍යාවශ්‍ය වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිටත් නවක සිසු සිසුවියන් බදවා ගැනීම සදහා යම් කාලයක් ගතව ඇතැයිද එම නිසා මෙම බඳවා ගැනීම් තවදුරටත් පමා නොකර කඩිනමින් සිදු කිරිමට පියවර ගත යුතු බව ද හෙතෙම පැවැසීය.

හෙද විද්‍යාලයන්හි පවතින අඩුපාඩු සපුරාලීමේ දී ඒ් සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනයන්හි වඩාත් සාධනීය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙසත්, වසර ගණනාවක සිට බලාපොරොත්තු තබා සිටින මෙම සියළු පිරිස් කඩිනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, අමත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

එහිදී කඩිනම් මෙන්ම මධ්‍යකාලීන සහ දිගුකාලීන පියවර අනුගමනය කරන ලෙසත්, මේ සදහා වන වැඩපිළිවෙළ ඉදිරි සති කිහිපය තුළ තමා වෙත ලැබීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

හෙද විද්‍යාලවල යටිතල පහසුකම් ඇතුළු ගැටළු නිරාකරණය කර ගැනීමේ මුලික අරමුණ ඇතිව, පුහුණුවලට අදාළ මුදල් වෙන් කිරිම, දැනට තිබෙන පහසුකම් ඉහළ නැංවීම සදහා වැඩපිළිවෙල සැකසීම, දේශන ශාලා පහසුකම් ලබාගැනීම, ප්‍රවාහන පහසුකම් ලබාගැනීම, ගොඩනැගිලි නඩත්තු කටයුතු යන කරුණුද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙරට හෙද විද්‍යාල 16 ක දී මෙම සිසු හෙද හෙදියන් සදහා පුහුණුව ලබාදීමට නියමිතය.

මෙයට පෙරද වසරකට සිසු හෙද හෙදියන් 2500 ක් පමණ වාර්ෂිකව පුහුණුවට බඳවා ගැණුනු අතර, දැනට හෙද පුහුණුවේ සිසු හෙද හෙදියන් 3761 ක් වන අතර, හෙද පුහුණුව අවසන් කළ 2600 ක් පමණ පිරිසක් වන බවත්, එම පිරිසට අදාළ ප්‍රතිඵල නිකුත් කර හැකි ඉක්මනින් ඔවුන්ට පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල්ද අල්විස් අතිරේක ලේකම් (පාලන) 11 වත්සලා ප්‍රියදර්ශනී, අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) සාවින්ද බණ්ඩාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන)11 චාමික ගමගේ,අධ්‍යක්ෂ (හෙද) අශෝකා අබේනායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

 

 

Post Views: 6
Previous Post

අරගලයේ සෑබෑ මතයේ මං තවමත් ඉන්නවා – හිටපු ඇමැති දුමින්ද

Next Post

අපේ අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි – ජනපති

editor

editor

Next Post

අපේ අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved