27 April 2024
#දේශීය

ලැයිස්තුවලට රස්සාවල් දෙන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න විවිධ නායකයින්, විවිධ පක්ෂ උත්සහා කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (08) පෙරවරුවේ පැවති මාවනැල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ “ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර කාල වලට ඉතා පහසුවෙන් යනවා. තවත් සමහර කාල වලට ඉතාම රළු බොරළු මාවත් වල යනවා. හැබැයි අපි ඉදිරියට යනවා හැමදාමත්. විවධ නායකයෝ, විවිධ පක්ෂ මේ පක්ෂය නැති කරන්න උත්සාහ කලා. නමුත් හැම වැටිල්ලකින්ම අපි තවත් ඉදිරියට ආවා. මේ පක්ෂය ඉතාමත් අභියෝගාත්මක ගමනක් ආව පක්ෂයක්. නමුත් මරන්න බරි මේ පක්ෂය පොදු ජන පක්ෂයක් වන නිසයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ පක්ෂයක් පමණක් නෙමෙයි, ඉදිරියට ගෙනා දර්ශනයක්. අප සියළුදෙනා එක්කළ හැකි දර්ශනයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයට කරන කැපවීම කවදාවත් අහක යන්නේ නැහැ. මේ දිනවල පවතින උපාධිධාරීන්ගේ ගැටළුවට අපි කඩිනමින් නිසි විසදුම් ලබාදෙනවා. කාටවත් ඕන හැටියට ලැයිස්තු හදාගෙන උපාධිධාරී පත්වීම් දෙන්න බැහැ. ජනාධිපතිතුමා එම කාර්යයේ නායකත්වය අරගෙන නිසි පරිදි කටයුතු කරනවා.” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *