• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම මගේ ඇගිල්ලේ තරම දන්නවා .. අනුරට වඩා හරිනියි ජනාධිපතිකමට ඉල්ලන්න ඕන – හිරුණීකා ප්‍රේමචන්ද්‍ර

29 February 2024
in දේශීය, පුවත්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය මහත්මියට තමා කිසිදු අපහාසයක් සිදු නොකල බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී මන්ත්‍රීවරිය පවසා සිටියේ අනුර දිසානායක මහතාට වඩා ජනාධීපති ධුරයට තරඟ කල යුත්තේ හරිනි අමරසුරිය මහත්මිය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ‘‘පාර්ලිමේන්තු ආංශික කාරක සභාවෙන් නියෝගයක් දුන්නා 2023 ඔක්තොම්බර් 19 දිනට පෙර තිබුණ ආකාරයට විදුලි බිල සංශෝධනය කරලා ජනතාවට සහනයක් ලබාදෙන්න කියලා. ඒ වගේම විදුලිබිලෙන් සියයට 20 ක් අඩුකරන ලෙසද පාර්ලිමේන්තු ආංශික කාරක සභාවෙන් නියෝගයක් ලබාදීලා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමාත්‍යාශය ගෙන්වා පාර්ලිමේන්තු ආංශික කාරක සභාව ලබාදුන් නියෝගය අනුව ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු ආංශික කාරක සභාව එම ආයතනවලට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු ආංශික කාරක සභාව ලබාදී තිබෙන නියෝගය විදුලිබල අමාත්‍යාංශය අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි. එය ක්‍රියාත්මක නොකළොත් පාර්ලිමේන්තුවට එරෙහිව යාමක්. ඒ වගේම කියන්න ඕනි පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන්නේ වර්තමාන කතානායකවරයා නිසයි. ලංකාවේ බිහිවුණ කතානායකවරුන්ගෙන් දූෂිත , පක්ෂග්‍රාහී , ව්‍යවස්ථා උල්ලංඝනය කරන කතානායකවරයෙක් තමයි වර්තමාන කතානායකවරයා. කතානායකවරයා සිදුකරන ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලට විරුද්ධව සමගි ජනබලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තිබෙනවා. වර්තමාන කතානායකවරයාට එම නිලයේ කටයුතු කිරිමට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. කතානායකවරයාට විරුද්ධව සමගි ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව හරහා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාට සිදුවුණ දේම සිද්ධවෙන්න පුලුවන්. සමගි ජනබලවේග රජයක් තුළ කතානායකවරයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. රාජපක්ෂවරු බලයේ සිටින කාලයේ රාජපක්ෂවරුන්ගේ සහෝදරයෙකුත් කතානායකවරයා ලෙස කටයුතු කළ. නමුත් ඔහු පක්ෂග්‍රාහීව , ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් කටයුතු කළේ නෑ. කතානායකවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන මැති ඇමැතිවරුන්ට ගමට එන්න ඉඩ තියන්න එපා. විපක්ෂයට ජනතාව වෙනුවෙන් හඩ නගන්න පුලුවන් වන්නේ පාර්ලිමේන්තුවේදී පමණයි. නමුත් එම අවස්ථාවත් කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ නෑ.

පොලිස්පති ලෙස දේශබන්ද තෙන්නකොන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන්ගෙන් 4 ක් පක්ෂවත් දෙදෙනෙක් විපක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා. තවත් දෙදෙනෙක් ඡන්දය ලබාදෙන්න පැමිණිලා නෑ. එවැනි තත්ත්යක් තුළ පොලිස්පති ලෙස දේශබන්ද තෙන්නකොන්ව පත් කිරීම සඳහා ඡන්දය ලබාදීමට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කතානායකට කිසිදු අවස්ථාවක් නෑ. ව්‍යවස්ථාදායක සභාවේදීත් කතානායකවරයා තමන්ගේ බලතල අත්තනෝමතික ලෙස භාවිතා කරලා තිබෙනවා. ඔහු කතානායකධුරයේ නෙවෙයි කටයුතු කරන්නේ. ඔහු රාජපක්ෂලාගේ තොල්කයා ලෙස තමයි කටයුතු කරන්නේ. සමගි ජනබලවේග රජයක් තුළ අනිවාර්යෙන් කතානායකවරයාව අධිකරණය ඉදිරියට ගේන්න කටයුතු කරනවා. කතානායකවරයාගේ සැදැසමය ගත කරන්න තිබෙන කාලය ඔහුට උසාවි වල ගතකිරිමට සිදුවෙන තත්ත්වයක් තමයි ඇතිවන්නේ.

ජාතික ජනබලවේගයේ හරිනි අමරසූරියට හොද දේශපාලන ගමනක් තිබෙනවා. ජාතික ජනබලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය යුත්තේ හරිනි අමරසූරිය. අනුර කුමාර දිසානායකට භායානක , කිලුටු අතීතයක් තිබෙනවා. හරිනි අමරසූරියට එවැනි අතීතයක් නෑ. ඇය උගත් බුද්ධිමත් ජාත්‍යන්තර සබඳතා තිබෙන කාන්තාවක්. අනුර කුමාරට වඩා හරිනි අමරසූරිය ජනාධිපති අපෙක්ෂකත්වයට සුදුසුයි. ගණිකා වෘත්තිය නීතිගතකරන යෝජනාව ජනබලවේගයේ ප්‍රතිපත්වලට ඇතුළත් කරන බව හරිනි අමරසූරිය ප්‍රකාශ කරලා තිබෙනවා. ඔවුන් එය පාදක කරගෙන තිබෙන්නේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරිමට නම් හරිනි අමරසුරියට පුලුවන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පාදර නීතිය අහෝසි කරන්න කියලා. ඔවුන්ට කැක්මක් තිබෙනවානම් ක්‍රියාවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. හරිනි අමරසුරියට පුලුවන්. ගණිකා වෘත්තිය නීතිගතකරන බව සමගි ජනබලවේගයේ රැස්වීමක කිව්වොත් මිනිස්සු අපිට බනියි. නමුත් මාලිමාවේ රැස්වීම් ඉදිරියේ ඉදගෙන සිටින කාන්තාවන් එවැනි කතා අහගෙන ඉන්නා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට පුලුවන්ද එවැනි කතා අහගෙන එවැනි කතාවටල අත්පුඩි ගහන්න. නිවැරදි වැඩපිළිවෙළත් තිබෙන දැක්මක් තිබෙන තැනැක් කාන්තාවන් තෝරාගත යුතුයි.

ලංකාවේ දවස් දෙකකට සැරයක්වත් වෙඩි තැබිමකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා. යුක්තියේ මෙහෙයුම නමින් පොලිස්පති සහ පොලිසිය භාර ඇමැති සිදුකරගෙන යන සන්දර්ශනයෙන් ප්‍රතිඵල තිබෙනවානම් ලංකාවේ තැන තැන වෙඩි තැබීම් , මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන්න බෑ. තුවක්කු සංස්කෘතියක් බරපතල ලෙස රට තුළ ක්‍රියාත්මක වෙනවා. කුඩු කාරයෝ ඉන්නේ ටිරාන් අලස්ගේ සාක්කුවේ. ටිරාන් අලස් පොලිස් ඇමැතිගේ හොදම යාලුවා තමයි රේනෝ ද සිල්වා , රේනෝද සිල්වාගේ මල්ලි දුමින්ද සිල්වා එතකොට දුමින්ද සිල්වා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දඩුවම් ලබන අයෙක්. ඔහුත් එක්ක මරණ දඩුවම හිමිවුණ කෙනෙක් තමයි දෙමටගොඩ චමින්ද. දෙමටගොඩ චමින්දගේ අයියා කුඩු රුවන්. කුඩු රුවන් ගැන මම තොරුතරු හෙළි කිරිම හමුවේ කුඩු රුවන්ගේ පුතා බිරිද අත්අඩංගුවට ගත්තා. කොටි සංවිධානයට මුදල් දුන්න පුද්ගලයා තමයි නීතිය හා සාමය භාර ඇමැති. මානව හිමිකම් කඩ පුද්ගලයෙක් තමයි රටේ පොලිස්පති වෙලා තිබෙන්නේ යැයි මන්ත්‍රී මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 15,477
Previous Post

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

Next Post

ජනාධිපති නීතිය සමඟ සෙල්ලම් කරනවා – මන්ත්‍රී ඩලස්

editor ttvnews

editor ttvnews

Next Post
ජනාධිපති නීතිය සමඟ සෙල්ලම් කරනවා – මන්ත්‍රී ඩලස්

ජනාධිපති නීතිය සමඟ සෙල්ලම් කරනවා - මන්ත්‍රී ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved