27 April 2024
#දේශීය

මම කැමැති වුණාට ! මෛත්‍රි මට කැමැති නෑ – මහින්ද ඉන්දියාවේදී කියයි 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා සමඟ එක්ව වැඩ කිරීමට අකමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. 
එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව ස්ථාවර නොමැති බවයි. අග්‍රාමාත්‍යවරයා කියනා දේට හාත්පසින්ම විරුද්ධ දෙයක් ජනාධිපතිවරයා පවසන බවයි. 
 
එසේම විදේශ රටවල සිට තමන්ගේ රටේ ආණ්ඩුවෙහි අඩුපාඩුකම් නොපවසන නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවට තවමත් ජාත්‍යන්තරයෙන් මුදල් ඉපැයීමට නොහැකි වී ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේය. 
 
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන්ගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂට ඉදිරිපත් කරවීම තමා සුදානම් නොමැති නමුත් තමන්ගේ සහෝදරයා බොහෝ විට ඉදිරිපත් විය හැකි  හෙතෙම කියා සිටියේය. 
 
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ වලදී මෛත්‍රිපාල ජනාධිපති හා රනිල් අගමැති එක්වි ජයග්‍රහණය කරන්න හැකි වේයැයි තමා විශ්වාස නොකරන බව ද ඔහු පැවසිය. 
එසේම තමන්ගේ ඩොලර් බිලියන 18 ක මුදල තවමත් මෛත්‍රිපාල ආණ්ඩුවට සොයා ගැනීමට නොහැකි වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා ද හින්දු පුවත් පත සමඟ සිනා සෙමින් ද පවසා තිබේ. 
 
ද හින්දු – ඉන්දියා 

Leave a comment

Your email address will not be published. Required fields are marked *