27 April 2024
#දේශීය

ඉන්ධන බලපත්‍ර ලියාපදිංචියට ව්‍යාජ වෙබ් අඩවි … ප්‍රවේසම් වන්නැයි ICTA දන්වයි

ජාතික ඉන්ධන බලපත්‍රය ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති http://fuelpass.gov.lk හරහා පමණක් ලියාපදිචිය (QR කේතය) ලබාගන්නා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

එම ආයතනය පවසා සිටිනේ මේ වන විට ඒකී වෙබ් අඩවිය වැනි වෙනත් ව්‍යාජ වෙබ් අඩවි මගින් ජනතාවගේ පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.

එබැවින් ඒ පිළිබද විමසිලිමත් වන ලෙස ජනතාවට වැඩිදුරටත් දන්වාසිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *