27 April 2024
#සංවර්ධන

ICU ඇඳවල් හදන්න Rex Industries පුළුවන් බව මහාචාර්ය සිසිර සිරිබද්දන කියයි

මෙරට රෝහල්වල භාවිතා කරන ආනයනික දැඩි සත්කාර ඒකක ඇඳන්වල ප්‍රමිතියටත් එහා ගිය ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇඳන් නිපදවීමට Rex Indrustries ආයතනයට හැකියාව ඇති බව ඔවුන් යොදා ගනු ලබන අධි තාක්ෂණික උපකරණ හා ඉංජිනේරු තාක්ෂණය අනුව පෙනී යන බවත් දැනට නිපදවා ඇති සාම්පලය සායනික ප්‍රමිතීන්ට අනුකූල බවත් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (29) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව මීගමුව Rex industries ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙරට ප්‍රථම දේශීය දැඩි සත්කාර ඒකක ඇඳන් සාම්පලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලෝක පරිමාණ කොරෝනා ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට ඉදිරියේ දී දැඩි සත්කාර ඒකක ඇඳන් හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් එම අභියෝගයට කල්තියා සූදානම් වන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයාගේ මෙම සද්කාර්යයට දායක වීමට ලැබීම සතුටට කරුණක් බවත් මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා එක්ව සිටි අතර එම ආයතනය වෙනුවෙන් එක්ව සිටි එහි අධ්‍යක්ෂ, යාන්ත්‍රික ඉංජිනේරු සහන් ප්‍රනාන්දු මහතා මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදන ක්‍රියාවලිය මාධ්‍ය වෙත පැහැදිලි කර දුන්නේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *