• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට IDA වෙතින් ඇ. ඩො. මි. 125 ක ණයක්

12 April 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම මූලික කොට දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ඇ.ඩො. මිලියන 125 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාවය ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

2019 අප්‍රේල් 8 සිට 14 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හිදී ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම පැවැත්වෙන අතර මෙම ව්‍යාපෘතියට අදාළ ණය ගිවිසුම 2019 අප්‍රේල් 11 වන දින වොෂින්ටන් වේලාවෙන් 1.45 ට ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතාද ලෝක බැංකුව වෙනුවෙන් දකුණු ආසියා කලාපීය උප සභාපති හාට්විග් ෂෆර් මහතාද අත්සන් කර තිබේ.

එමෙන්ම, පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේදයන් හා තාක්ෂණයන් වැඩි දියුණු කිරීම, කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම, වාරිමාර්ග පද්ධති පුනුරුත්ථාපනය කිරීම සහ ඉලක්කගත කුඩා පරිමාණ ගොවිපළවල් වෙත ප්‍රවේශ වීම වැඩි දියුණු කිරීම මඟින් කුඩා පරිමාණ කෘෂිකාර්මික වගාවන්හි ඵලදායීතාවය සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණු වේ. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු.ත පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය සහය අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය පළාත් 6 ක් ආවරණය කරමින් පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, කිළිනොච්චි, කුරුණෑගල, මොණරාගල, මුලතිව්, පුත්තලම, ත්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක 11 ක වර්ග කිලෝ මීටර් 4,493 ක් ආවරණය වන පරිදි එල්ලංගා පද්ධති 120 ක් ජලාශ 1215 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වේ. එම ගං වේලි 11 වන්නේ යාන් ඔය, මාදුරු ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය, මන්දෙකල් ආරු, මී ඔය, කලා ඔය, පෙර් ආරු , මුන්දෙනි ආරු, හැඩ ඔය සහ කරඳ ඔය වේ. තවද, මෙම ප්‍ර‍දේශ වල ජීවත් වනු ලබන සියලුම පුරවැසියන් විශේෂයෙන්ම කාන්තාවන්, තරුණයින්, ළමයින් මෙන්ම ගොවි පවුල් 62,417 ක ප්‍රමාණයක් ඍජුවම මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ අත්කරගනු ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍යාධාර ලබා දෙන මෙන් ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉල්ලීමක් කරන ලද අතර මේ සඳහා ඇ.ඩො. මිලියන 125 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය ඔවුන්ගේ එකඟතාවය ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Post Views: 8
Previous Post

එළැඹෙන ජනාධිපතිවරණයට ශක්තීමත් ජනවරමක් – ඇමැති පාඨලි

Next Post

යුද්ධයට යන්න එපා – පාප් වහන්සේ දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් ඉල්ලයි

editor

editor

Next Post

යුද්ධයට යන්න එපා - පාප් වහන්සේ දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved