27 April 2024
#විදෙස්

යුද්ධයට යන්න එපා – පාප් වහන්සේ දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් ඉල්ලයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් සිවිල් යුද්ධයකට නොයන ලෙස ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ඉල්ලීම දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් සිදුකර තිබුණි.

වතිකානුවට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, හිටපු උප ජනාධිපති රෙයික් මචාර් සහ තවත් නායකයන් පිරිසකගෙන් පාප් වහන්සේ මෙම ඉල්ලීම කර තිබුණි. එහිදී උන්වහන්සේ මේ සියලු දෙනාගේම දෙපතුල් සිප ගනිමින් සාමය වෙනුවෙන් එක්වන ලෙස ආයාචනා කර සිටියේය.

පාප් වහන්සේ දැක්වූ ඉල්ලීමට ගෞරව කරමින් කඩිනමින් එක්සත් රජයයක් පිහිටුවා ගැනීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තැබීමටත් පිරිස කටයුතු කර තිබේ. එක්ව ඉදිරියට යායුතු බවත්, කෙතරම් අර්බුද උදාවුවත්, නොබියව ඉදිරියට ගොස් ප්‍රශ්න විසඳාගත යුතු බවත් පාප් වහන්සේ මෙහිදී ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියෙ මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති පිරිස් විදින පිඩාව හේතුවෙන් බවත් කුඩා දරුවන් වෙනුවෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටි.

 වැඩි විස්තර විදෙස් මාධ්‍ය ඔස්සේ – https://www.bbc.com/news/av/world-africa-47903916/pope-francis-kisses-feet-of-rival-south-sudan-leaders

Leave a comment

Your email address will not be published. Required fields are marked *