• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

IDA වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය මුදලක්

14 May 2019
in සංවර්ධන

ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP)සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA)වෙතින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක ණය මුදලක් එකඟතාවය පල කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ මෙම ව්‍යාපෘතියෙහි සංවර්ධන ඉලක්කය වනුයේ වගකීමෙන් හා වගවිය යුතු ආකාරයෙන් ප්‍රජාව වෙත සේවා සැපයීම සඳහා ප්‍රාදේශීය සැලසුම් පද්ධති ශක්තිමත් කිරීම, ප්‍රාදේශීය සේවා වැඩිදියුණු කිරීම හා ආර්ථික යටිතල පහසුකම් හා ආයතනික සංවර්ධනය තුළින් අදාළ පළාත් තුළ ආර්ථික සංවර්ධනයට සහාය වීම තුළින් පළාත් පාලන ආයතන සවිබල ගන්වමින් පළාත්වල ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීම බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් වන අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 70ක මුදල ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින්ද රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 7ක් හා ඉතිරිය යුරෝපා සංගමය වෙතින් ප්‍රධානයක් ලෙසද ලබා ගනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සමස්ථ වගකීම පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවරෙන අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද හා ඌව යන පළාත්වල පළාත් පාලන ආයතන 134 ක් ආවරණය වන පරිදි, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය (IDA) විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන‍ 70 ක ණය පහසුකමක් ලබා දීමට එකඟතාවය පළකර ඇත.

මෙම ණය ගිවිසුම අත්සන් කිරීම 2019 මැයි 14 වන දින පෙ.ව 11.30 ට මුදල් අමාත්‍යාංශයේදී, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ Idah z-Pswarayi-Riddihaugh, මිය විසින් සිදු කර තිබේ.

 

Post Views: 15
Previous Post

රටේ සාමය හා ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශවලට සියළු බලතල ලබා දී ඇති බව අගමැති කියයි

Next Post

කොන්ද පණ නැතිනම් අයින් කරන්න ලැස්තියි – ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

කොන්ද පණ නැතිනම් අයින් කරන්න ලැස්තියි - ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved