• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තේරීම් කාරකසභාවක් දේශපාලනික වුනොත් එයින් රටටවත්, ජනතාවටත් සෙතක් නෑ – මන්ත්‍රී සාගර

17 July 2023
in දේශීය

රටේ ප්‍රමුඛ කාරණයක් ලෙස රට බංකොලොත් වීම සම්බන්ධයෙන් විවිධ මත පලවී තිබෙන අතර මෙම සියලු කාරණා මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් විපක්ෂය තේරීම් කාරක සභාව පත්කරගත් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලැබුවා රජය විසින් රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම මූලික වූ හේතු සෙවීම සම්බන්ධයෙන් වූ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්. මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කථානායකවරයා විසින් පත් කරනු ලැබුවේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් හැටියට අපි දිගින් දිගටම මෙවැනි තේරීම් කාරක සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විපක්ෂය විසිනුත් යෝජනාවක් ගෙනාපු අවස්ථාවේදී අපි ආණ්ඩු පක්ෂය විදිහට ඉතාම සතුටු වුණා විපක්ෂයෙත් එකඟතාවයක් ඇතිව මෙවැනි දෙයක් බොහෝම සහයෝගයෙන්, සාධාරණව මේ රටේ ජනාතාව වෙනුවෙන් ඉටුකළ හැකිවෙයි කියන කාරණය සම්බන්ධයෙන‍්. ඒ අනුව සාමාන්‍ය තේරීම් කාරක සභාවක් ඉටුකරන ආකාරයට කථානායකවරයා විසින් ආණ්ඩුපක්ෂයට සහ විපක්ෂයට මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නියෝජිතයින් පත් කරන්න කියලා ඉල්ලීම කළා. ඒ අනුව එම ඉල්ලීම අනුව අදාළ නියෝජිතයින් යවනු ලැබුවා දෙපාර්ශයම විසින්. ඒ යැවිමෙන් පසු මේ තේරීම් කාරක සභාවට සභාපතිවරයෙක් පත් කරන්න නියමිතව තිබුණා. එය තමයි පාර්ලිමේන්තුවේ තිබෙන නිති රිති අනුව සිදුවිය යුතු කාරණය. මෙම යෝජනාව ගෙනවිත් මාසෙකට ආසන්න කාලයක් විපක්ෂය මෙය කල්මරමින් හිටියා මෙයට තමන්ගේ නියෝජිතයෝ පත් කරන්නේ නැතිව. ඉන්පසුව මේ කාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කරුණු මතු කළාම විපක්ෂය ඔවුන්ගේ නම් එවලා තිබුණා. ඒ නම් එවලා මේ කාරක සභාව පත්කිරීමට නියමිත වූ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉල්ලීමක් කළා ඔවුන්ට තව එක් අයෙක් වැඩිපුර පත්කිරීම සඳහා අවස්ථාව ලබාදෙන්න කියලා. ඒ සඳහා ඔවුන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වාසුදේව නානයක්කාර මහතාගේ නාමය යෝජනා කිරීමටත්. ඒ පත්කිරීම කල් ඇදලා එම නම එවීමට කටයුතු ක‍ළේ නැහැ සති තුනක කාලයක්. දිගින් දිගටම ඔවුන් එම නාමය එවීමට කටයුතු නොකර ප්‍රමාද කිරීමක් සිදුකළා විපක්ෂ නායක කාර්යාලය විසින්. ඉන්පසුව අපි කථානායකතුමාට ඉල්ලීමක් කළා දැනට තිබෙන නම් මත මෙම තේරීම් කාරක සභාව පත් කරන්න කියලා. ඉන්පසුව විපක්ෂයට අවශ්‍ය නම් පත් කිරිමට අපි අවස්ථාවක් ලබාදෙමු කියලා. ඒ සම්බන්ධයෙන් එකඟවෙලා කථානායකවරයා පාර්ලිමේන්තුවේ නිති රිති වලට අනුකූලව එම විශේෂ තේරීම් කාරක සභාව පත් කළා. ඒ වගේම කථානායකවරයාට ඇති බලතල ප්‍රකාරව එතුමන් ඒ සිටින සාමාජිකයින් අතරින් සභාපතිධූරය සඳහා සුදුසු පුද්ගලයෙක් පත් කරනු ලැබුවා. නමුත් මේ අවස්ථාව වන කොට මේ කාරණය සම්බන්ධයෙන් විපක්ෂය විසින් විවිධ කාරණා කටයුතු, විවිධ දේවල් මතු කරමින් මෙය මඟහැරීමට නැවතවතාවක් උත්සහ දැරීමක් කරනවා. මෙම තේරීම් කාරක සභාවේ අරමුණ වන්නේ විපක්ෂයේ අරමුණු ඉෂ්ට කිරීමක්වත්, ආණ්ඩු පක්ෂයේ අරමුණු ඉෂ්ට කිරීමක්වත්, කිසියම් පක්ෂයක අරමුණු ඉෂ්ට කිරීමක්වත් නොවේ. අකමැති වුණත් මේ රට අද බංකොලොත්භාවයට පත්කරලා තිබෙන රටක්. අපේ රටට එහෙම වුණේ ඇයි කියලා දැනගන්න මේ රටේ සියලුම ජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා. මේ කාරණය සෙවීමට තමයි තේරීම් කාරක සභාව පත් කළේ. මෙවැනි තේරීම් කාරක සභාව සඳහා පත් කරනුයේ සත්‍ය සොයාගැනීම වෙනුවෙන් කැපවෙච්ච අය පත් කීරිම සහ ඒ සම්බන්ධයෙන් හැකියාවක් ඇති අය පත් කිරීමයි. මෙවැනි තේරීම් කාරකසභාවක් දේශපාලන න්‍යාය පත්‍රයක් මත කටයුතු කළොත් එයින් රටටවත්, ජනතාවටත් සෙතක් වෙන්නේ නෑ. ඒ නිසා මේ වන කොට මේ රටේ මූලික වශයෙන් රට බංකොලොත් වීම සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. මේ සියලු කාරණා මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් තමයි මේ තේරීම් කාරක සභාව පත්කර තිබෙන්නේ. මෙය රටට අවශ්‍ය දෙයක්. ඒ නිසා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් හැටියට අදාළ සියලු පාර්ශවයන් ගෙන්වලා මේ සම්බන්ධයෙන් විමසලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය සත්‍ය ජනතාව ඉදිරියේ තැබීම ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ කියන දෙපාර්ශවයම මන්ත්‍රිවරුන්ට මේ රටේ ජනතාව වෙනුවෙන් වගකිමක් සහ යුතුකමක් තිබෙනවා. බොලඳ වැඩ කරන්න හොඳ නැහැ. මොකද මෙය රටට ඇතිවෙලා තිබෙන ප්‍රශ්නයක්. මේ කමිටුවේ යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් එය කමිටුව තුළින් විසඳාගත යුතු කාරණයක් මිස පරිණතභාවයකින් තොරව කටයුතු කර මේ රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට ජනතාවගේ ජිවිත සමඟ සෙල්ලම් කිරීමට කටයුතු කිරීම වගකියයුතු විපක්ෂයකට සුදුසු දෙයක් නොවේ. ඒ නිසා අපි විපක්ෂයෙන් සහ විපක්ෂ නායකතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දේශපාලන වශයෙන් හෝ මේ රට වෙනුවෙන් කටයුතු කරන කොට මීට වැඩිය පරිණත ආකාරයෙන් කටයුතු කරන්න කියලා.”යනුවෙන් මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 5
Previous Post

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512,000 ක් වගා කරයි – ඇමැති මහින්ද

Next Post

අනුරාධපුර ආබාධිත විශ්‍රාමික රණවිරුවන් සඳහා කාබනික භෝග වගාව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක්

editor

editor

Next Post

අනුරාධපුර ආබාධිත විශ්‍රාමික රණවිරුවන් සඳහා කාබනික භෝග වගාව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved