27 April 2024
#දේශීය

ඩෙංගු මර්දනය නොකලොත් තත්ත්වය භායානකයි -සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරී දිස්නක දිසානායක

ඩෙංගු මර්දනය සදහා ක්‍රමවත් වැඩ පිලිවෙලක් සකස් කල යුතු අතර කීට විද්‍යා දත්ත පදනම්ව නව මර්ධන ක්‍රම සදහා යා යුතු බව සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ දිවයින පුරා මෙම වසරේ ගතවූ දින 25 තුල ඩෙංගු රෝගීන් 7115 ක් වාර්තා වී ඇති බවත් මෙම රෝගීන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුලින් වාර්තා වී ඇති බවයි.

එසේම පසුගිය වසර තුල එනම් 2022 වර්ෂයේ ඩෙංගු රෝගීන් 76688 වාර්තා වී ඇත 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන් 35924 වාර්තා වී ඇත.

2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂය තුල ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දෙගුණයකට වැඩි සංඛ්‍යාවකින් වැඩි වී ඇති බව දිස්නක දිසානායක මහතා කියා සිටියේය. එමෙන්ම මෙම වසරේ ආරම්භයේ රෝගීන් වාර්තා වීම ඉතා ඉහල මට්ටමක පවතින අතර එය පසුගිය වසරට වඩා ඉක්මවා යාමේ අවධානමක් පවතී.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ ගම්පහ කලුතර පුත්තලම කල්මුණේ යන දිස්ත්‍රික්ක හදුනා ගෙන ඇති අතර ඒ් පිලිබඳ ජනතාව දැනුවත් කර විදිමත් වැඩපිළිවෙලක් සකස් කල යුතු බව දිස්නක දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *