• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම පොරොන්දුවක් දුන්නොත් ආයේ වෙනස් වෙන්නේ නෑ .. ජැටිය කාටවත් දෙන්නේ නෑ – අගමැති

1 February 2021
in දේශීය

දේශීය සම්පත් විකුණා නොදැමීම වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තියක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට විකිණීමට හෝ පාලනයට භාර දීමට කටයුතු නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදිය.

දේශීය සම්පත් විකුණා නොදැමීම වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තියක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට විකිණීමට හෝ පාලනයට භාර දීමට කටයුතු නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා එහි දී අවධාරණය කළෙමි. එසේම එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරයා පැවසිය.

විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉදිරිපත් කළ බවත් ඒ සඳහා විදේශීය සමාගම එකඟ නොවූ බවත් පෙන්වා දුන් මම නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අද (01) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අනාවරණය කළෙමි.

එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය. ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ විය.

මෙම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නායකයින් ඉල්ලා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ඉල්ලා සිටියද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමාගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසඳා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත් තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවත් ය.

අගමැතිවරයා ලෙස තමා පවත්වන රැස්වීම්වල දී ගන්නා තීන්දු තීරණ එලෙස ම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටින බවත් තමා ගන්නා තීරණ සාකච්ඡාවලට පමණක් සීමා නොවී ක්‍රියාවට නංවන බවත් එහි දී ප්‍රකාශ කළෙමි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, වරාය හා නාවුක අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ හා වරාය වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයෝ පිරිසක් එක්ව සිටියහ

 

Post Views: 13
Previous Post

කප්පම් එක්ක රජවෙන වෙබ් මාෆියාව

Next Post

පිටු 472කින් යුත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

editor

editor

Next Post

පිටු 472කින් යුත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved