• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුළුවන්නම් හැප්පෙන්න ..මුහුණට මුහුණ හැප්පෙන්න අපි ලැස්තියි .. අනුර ජනපතිට අභියෝග කරයි

19 February 2021
in දේශීය

අවනීතිකව, අවිචාරවත්ව, දූෂිතව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ දරන උත්සාහය සහතික ලෙස පරාජයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කැතයි, ලැජ්ජායි, නින්දිතයි කැකිල්ලේ කොමිසම් විගඩමට එරෙහිව ඊයේ (18) කොළඹ හයිඩ්පාක් හි පැවැති රැළියට එක්වෙමිනි. එහිදී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ප්‍රජාඅයිතිය ජනාධිපතිවරයාට වැදගත් වුවාට එය තමට හෝ තම පක්ෂයට වැදගත් නොවන බවයි. නමුත් එය අවනිතීකව සිදු කරන්නේනම් එයට එරෙහිව සටන් කිරීමට තමන් ඇතුළු පිරිස සුදානම් බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් මේ වන විට රටේ පවතින තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂගේ ගමන් මාර්ග කිසිදු නිවැරදිතාවයක් නොමැති බවත් එයට අභියෝග කිරීමට තමන් ඇතුළු කණ්ඩායම සුදානම් බව දිසානායක මහතා පැවසිය.

එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේ අදහස් පල කළේය “රටේ පරිසරය, බඩුමිල ආර්ථිකය, වංචා දූෂණ, ජාතික සම්පත් විකිණීම ආදී ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳීම පැත්තක තබා ගෝටාබය රාජපක්ෂගේ ලොකුම උත්සාහය තමන්ගේ සහ තමන්ගේ මිතුරන්ගේ නඩු ටික අයින් කරගැනීම. ඒකට කොමිසමක් දැම්මා. කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ දූෂණ ගැන පොත්වල පිටු ගණන් ලියැවී තිබෙනවා. ඔහු අධිකරණයේ දූෂිතයෙක් බව ඒවායේ කියා තිබෙනවා. ඔහු අගතියට පත් පාර්ශවයට ඇහුම්කන් නොදී තම හිතවතුන්ට ඕන විදිහට නඩු ලියපු කෙනෙක්. අභියාචනාධිකරණ විනිසුරුවන් තුන්දෙනෙක් සහිත කමිටුවකින් ඔහු දූෂිතයෙක් බව තීරණය කළා. අධිකරණ සේවා කොමිසම ඔහුව අනිවාර්ය නිවාඩු යවා විශ්‍රාම ගැන්වූවා. කොමිසමේ ඊලග සාමාජිකයා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් මූලික අයිතිවාසිකම් නඩුවක වැරදිකාරයෙක්. එම වරදට ඔහුගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවන්න සිදු වුණා. මෙවැනි දූෂිතයන්ගෙන් සමන්විත ඔය කොමිසමට අපේ පැමිණිළි විභාග කරන්න තබා අපව කැඳවන්න වත් සදාචාරාත්මක අයිතියක් නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Post Views: 23
Previous Post

මොන ආගම ඇදහුවත් මනුෂ්‍යත්වය ශ්‍රි ලාංකීක විය යුතුයි – අධිකරණ ඇමැති

Next Post

ජනාධිපතිගේ ප්‍රදානත්වයෙන් 22 වැනි දින පැළ ලක්ෂයක් සිටුවයි

editor

editor

Next Post

ජනාධිපතිගේ ප්‍රදානත්වයෙන් 22 වැනි දින පැළ ලක්ෂයක් සිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved