• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා – ජනපති

5 June 2024
in දේශීය, පුවත්
IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් පවතින බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා එම ඉලක්ක කඩ කිරීම යනු රටේ ආර්ථිකය විනාශ කිරීමක් වන බැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් වේදිකාවල ප්‍රකාශ සිදු නොකර පවතින රාමුව තුළ පමණක් කතා කිරීම විපක්ෂයේ වගකීම වන බවද සඳහන් කළේය.

විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ රට වෙනුවෙන් එදා වගකීම් භාර නොගෙන සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවූ නිසා බව පැවසූ ජනාධිපතිවරයා එදා නොබියව අභියෝගය භාරගත් ආණ්ඩුව අද එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එබැවින් රට වෙනුවෙන් එක් මාර්ගයක ගමන් කරමු යැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ අද (04) පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

“උරුමය” සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 350ක් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස සහල් කිලෝ 10 බැගින් පවුල් 800ක් සඳහා ලබාදීමද ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” මෙම උරුමය සින්නක්කර ඔප්පු හිමිවීම ඔබේ අයිතිය ලබාදීමක් ලෙස මම සලකනවා. ජනතාවට මෙම අයිතිය ලබාදීමට මෙතෙක් පැවති සියලු ආණ්ඩු අපොහොසත් වුණා. ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වූණේ නැහැ. නමුත් අපි ආණඩුවක් ලෙස එම වැඩකටයුත්ත සිදු කර තිබෙන අතර සුදු ජාතිකයින් මෙරට ජනතාවගේ ඉඩම් අත්පත් කරගත් නීතියෙන්ම රටේ ජනතාවට යළි එම ඉඩම් අයිතිය ලබාදී තිබෙනවා. දැන් එම ඉඩම ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමක් වෙනවා. මේ ආණ්ඩුව සමාන්‍ය ආණඩුවක් නොවෙයි. මෙය එක් පක්ෂයකින් නිර්මාණය වු ආණ්ඩුවක් නොවෙයි. සෑම පක්ෂයකම නියෝජිතයන් මේ ආණඩුවේ සිටිනවා. ඒ වගේම සෑම පක්ෂයකම කණ්ඩායම් විපක්ෂයේද සිටිනවා. ඒ නිසා ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් සර්වපාක්ෂිකයි. නමුත් ආණ්ඩුවක් ලෙස අද අප විශාල වගකීමක් භාරගෙන තිබෙනවා. විපක්ෂය කියන්නේ එම වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ කණ්ඩායමයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ තිබෙන වෙනස එයයි. එදා රටේ තිබූ තත්ත්වය මම අමුතුවෙන් ප්‍රකාශ කළයුතු නැහැ. නමුත් අද අපි මේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට වසර 04ක් 05ක් ගතවනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවා. නමුත් වසර දෙකකින් අපට ගොඩ ඒමට හැකි වූ අතර එහිදී අසීරු තීන්දු තීරණ ගැනීමට ද සිදු වුණා. අද රටේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට පැමිණ තිබෙනවා. දැන් අප රටේ බහුමාන දිළිදුකම අඩු කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කර තිබෙන අතර ඒ වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මේ රටේ 80%ක් පවතින්නේ ග්‍රාමීය ආර්ථිකයයි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නේ නැතිව දුප්පත්කම නැති කරන්න බැහැ. ඒ වගේම රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් වන ඉලක්ක පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟතා ඇති කරගෙන තිබෙනවා. 2027 වන විට මෙරට ආර්ථිකය 5%ක් දක්වා වර්ධනය කර ගැනීමට තිබෙනවා. එය ඉදිරියේදී 8%ක් දක්වා වර්ධනය කරගත යුතුයි. විරැකියාව 2025 වන විට 5%දක්වා අඩුකරගත යුතුයි. ඒ වගේම බහුමාන්‍ය දිළිදුකම 2027 වන විට 25% ක් -15%ක් දක්වා අඩු කර ගැනීමත් 2035 වන විට එය 10%කට අඩු කර ගැනීමේ ඉලක්ක අපට තිබෙනවා. අප මේ වැඩකටයුතු කරන බව ප්‍රකාශ කළ නිසා රටේ ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සම්පූර්ණ සහාය ලබා දී තිබෙනවා. ඒ වගේම අප ලබාගත් විදේශ ණය ආපසු ගෙවීම ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ කඩ කළහොත් අප නැවත රටක් ලෙස පසුපසට යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපට අහිමි වෙනවා. මොකද ලංකාව අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මෙම පොරොන්දු ලබාදී ඒවා කඩ කළා. ඒ නිසා මේ සියලු එකඟතාවන් ඇතුළත් කර ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම කෙටුම්පත මඟින් අපේ ආර්ථික ඉලක්ක සහ එකඟතාවන් නීතිගත කර තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යන බවට, අපට ණය ලබාදුන් රටවල් සෑහීමකට පත්ව සිටින නිසා ඔවුන්ගේ සහාය අපට හිමි වෙනවා. ඒ නිසා අපට මෙය වෙනස් කරන්න බැහැ. දැන් මෙම සාකච්ඡා අවසන් අදියරේ පවතිනවා. ඒ නිසා දේශපාලන වේදිකාවේ ඕපා දූප කථා කර වැඩක් නැහැ. තමන් කරන කියන දෙයක් මෙම රාමුව තුළ සිදු කළ යුතුයි. ඒ නිසා මම විපක්ෂයට කියනවා ඔබ විපක්ෂයට ගියේ වගකීම් භාර ගැනීමට නොහැකි වු නිසයි. සාම්ප්‍රදායික දේශපාලනය කළ නිසයි. අද අප ආණ්ඩුවේ සිටින්නේ බිය නැතිව අභියෝග භාරගෙන කටුයතු කළ නිසයි. දැන් අප ප්‍රතිඵල පෙන්වා තිබෙන නිසා අපි සියලුදෙනා එක්ව එක මාර්ගයක ගමන් කරමු කියා මා සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවීන් දිසානායක මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල , හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්.එස්.සමරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 18,476
Previous Post

උතුරුමැද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් උසස් පෙළ පන්ති වලට බඳවා ගැනීම් සිදු කෙරේ

Next Post

ඉන්දිය මහමැතිවරණයෙන් මෝදිගේ පක්ෂය ජය ගනි

editor ttvnews

editor ttvnews

Next Post
ඉන්දිය මහමැතිවරණයෙන් මෝදිගේ පක්ෂය ජය ගනි

ඉන්දිය මහමැතිවරණයෙන් මෝදිගේ පක්ෂය ජය ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved