• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථික අර්බුදය විසඳන්න නම් පාර්ලිමේන්තුවේ 225 ම ජනාධිපතිට සහයෝගය ලබා දිය යුතුයි – කොළඹ නගරාධිපති

19 August 2022
in දේශීය

අද තියෙන ආර්ථික අර්බුදය විසඳන්න නම් මේ රටේ අර්බුදයක් ඇති කරපු හිටපු පාලකයින් ඒ අර්බුදය නිරාකරණය කරන්න වත්මන් ජනාධිපතිරයාට අද පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම සහයෝගය ලබාදීය යුතු බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ නගරාධිපතිනිය මේ බව සඳහන් කළේ ආර්ථික අර්බුදය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙත රුපියල් 3500 ක් වටිනා සතොස වවුචර්පත් පුද්ගලයින් තුන්දාහසකට, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපතිනී “මේ අවස්ථාවේදී අපි කිසිවිටෙකවත් අපේ දේශපාලන මතවාදය හෝ අපේ දේශපාලන පක්ෂය ආරක්ෂා කරගන්න හෝ අනාගතයේ අපි තෝරා පත් වෙයිද නැද්ද කියන එක ගැන හිතාගෙන අපි හෙට ගැන හිතාගෙන අද දවසේ ජනතාව අසීරු තත්ත්වයකට පත්කරනවා නම් ජනතාව මේ වගේ අගාධයකට ඇද දමනවානම් ජනතාව ගැන තැකීමකින් කටයුතු නොකරන්නේ නම් අපි දේශපාලනඥයෝ වෙලා වැඩක් නැහැ. රට අගාධයකට යනවා මුළු ජාත්‍යන්තරය ම බලාගෙන ඉන්නකොට, මේ රටේ සියලු පක්ෂ එකතු වෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුලින් රටේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්නකම් IMF එක ඇතුළු අනිකුත් ජාත්‍යන්තර රටවල් බලාගෙන ඉන්නව නම් ඒක කරන්නැතුව අපි පක්ෂ පාට භේදයෙන, ආගම් භේදයෙන් ,ජාති භේදයෙන්, වෙන්වෙලා අරයට වැරදෙන කම් බලන් ඉදලා මෙයාට වැරදෙන කන් බලන් ඉදලා, අරයා පැරදුනොතින් අපිට දිනන්න පුළුවන් කියන හේතුවකින් ඉන්නවනම් මම මේක කණගාටුදායක තත්ත්වයක් හැටියටයි දකින්නේ. තිදරු මවක් හැටියට මට තේරෙනවා ජනතාවගේ හදවතේ තියෙන වේදනාව. තමාගේ දරුවන්ට තුන්වේලක් ආහාර දීගන්න බැරුව අද මේ 3500ක වවුචරයක් ගන්න පෝලිම් ගැහිලා ඉන්නවා. ඒ තත්ත්වයට මේ රට පත් වුනා නම් ඒකට දේශපාලනඥයෝත් වගකියන්න ඕන. එහෙම වග කියන ගමන් ඒක නිරාකරණය කරගන්න වත්මන් ජනාධිපතිතුමත් වත්මන් අගමැතිතුමාත් එක්ක එකතු වෙලා සියලුම පක්ෂ වගකීමකින් මේ අවස්ථාවේදී තමාගේ පක්ෂ පාට භේද තමාගේ මත වාද පැත්තකින් තියලා එකතු වෙන්න ඕනේ මේ ජනතාවගේ පෝලිම් යුගය ඉවර කරන්න. මේ ජනතාව බඩගින්නේ ඉන්න එක ඉවර කරන්න. මේ ජනතාවට ගෞරවයකින් යුක්තව අභිමානයකින් යුක්තව තමාගේ දරුවන්ට තුන්වේල කන්න දීලා තමාගේ දරුවන් පාසල් යවලා තමාගේ වෘතිය ජීවනෝපාය මාර්ගය ශක්තිමත් කරමින් ඒ අයගේ ජීවිතය නගා හිටවන්න.මම අප්‍රේල් මාසයේ 8 වැනි දා අනතුරු ඇඟවීමක් කරලා විපක්ෂය ඇතුළු සියලුම පක්ෂවලටත්, විපක්ෂ නායක තුමාටත් ලිපියක් මගින්. ඒ ලිපිය මම පුවත්පත් වලත් පළ කළා. හැම මොහොතක් මොහොතක් පාසාම අපි වෙන් වී බෙදී කටයුතු කරනකොට මේ රට ආගාධයකට යනවා කියලා. මේක මම කිව්වේ මැයි 09 වෙනිදා නෙමෙයි. අප්‍රේල් වල අවුරුද්දට ඉස්සෙල්ලා. ඒ ලිපියට ගොඩක් අය හිනා වුණා. ගොඩ දෙනෙක් කිව්වා මෙයාට තියෙන අයිතිය මොකක්ද මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද යන මෙන්න මේවා තමයි ඒ ගොල්ලන් කතා කළේ. නමුත් දෙකේ පන්තියේ ළමයෙකුට වුණත් තේරුණා මේ රටේ ජනවාරි මාසේ ඉඳලා මේ රට යන්නේ කොතැනට ද කියන එක. එහෙම තියනකොට සියලු දෙනාටම අපක්ෂපාතීව විපක්ෂය ද ආණ්ඩු පක්ෂය ද කියලා නෙමෙයි 225ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔය 225 ටම වගකීමක් තියෙනවා අපි අපේ මත වාද පක්ෂ භේද අරයගෙ මුහුණ හොඳ නෑ කියලා මෙයාගේ මූණට ආස නෑ කියලා වෙන් වී බෙදී කටයුතු කරන්නේ නැතුව අපි එකාමෙන් එක මේසෙක වාඩි වෙලා මේ ප්‍රශ්න විසදන්නේ කොහොමද මේ ප්‍රශ්න විසඳන්න අපේ දායකත්වය මොකක්ද ඒ දායකත්වය තුළින් මේ රට ගොඩගන්නේ කොහොමද කියන එක ගැන. මේක ගොඩ ගත්තට පස්සේ අපිට මැතිවරණ වලදී අපේ දේශපාලනය කරන්න පුළුවන්.මේ අවස්ථාවේදී මේ රට ගොඩගන්න නම් අපි අපක්ෂපාතීව සියලු දෙනාම සර්වපාක්ෂිකව හිතමි මේ රට ගොඩ ගන්න කටයුතු කළයුතුයි. යැයි කොළඹ නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 18
Previous Post

තෙල්දෙණිය කලාප ක්‍රීඩා තරගාවලියෙන් ජය උඩවෙල බණ්ඩාරනායක ද්විතීක පාසලට

Next Post

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි

editor

editor

Next Post

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved