27 April 2024
#දේශීය

එදා හරි තීන්දුව ගත්තානම් අද රට මෙතරම් අගාධයකට වැටෙන්නේ නෑ- විපක්ෂනායක සජිත්

එදා රටේ ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් අද මේ රට පත්ව ඇති තත්ත්වයටත් ජනතාව වැටී ඇති තත්වයටත් පත් වෙන්නට තමන් කිසිවිටෙකත් ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ අද (20) යටියන්තොට සමගි ජනබලවේගයේ බල බලමණ්ඩල රැස්වීම අමතමිනි.

ආණ්ඩුවේ බලවතුන් තම තමන්ගේ බල නියාය පත්‍රය තහවුරු කරගැනීම වෙනුවෙන් මේ මොහොතේ සර්වපාක්ෂික සූදුවක් පටන් ගෙන ඇති බව පැවසූ විපක්ෂනායකවරයා රටේ ජනතාව අන්ත අසරණ වී සිටියදී කපුටු ආණ්ඩුවක ඇමති තනතුරු ලබා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

කෙසේ වෙතත් මේ මොහොතේ රට පත්ව සිටින්නේ වෙන කවරදාටත් වඩා විශේෂ තත්ත්වයකට බව පැවසූ හෙතෙම සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් කැප වන බව ද පැවසීය.

රට ගොඩනැගීමේ කටයුත්ත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් ලබන සතියේ ජනාධිපතිවරයා හමුවන බව පැවසූ ඔහු රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරන බවද පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *