27 April 2024
#දේශීය

අවුරුදු 60 ට වැඩිනම් හෙට වැක්සින් එක ගන්න මේ තැන්වලට එන්න

බස්නාහිර පළාතේ අවුරුදු 60 ට වැඩි, මෙතෙක් කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් ජනතාව වෙනුවෙන් හෙට සිට දින තුනක් එන්නත්කරණය සිදු කරන බව ර ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොවිඩ් 19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසන් මේ වන වට බස්නාහිර පළාතේ 60 වැඩි ජනතාව පිළිබඳ තොරතුරු එක්රැස් කර ගෙන ඇති අතර එන්නත ලබා දෙන දිනය, ස්ථානය, පැමිණිය යුතු වේලාව සඳහන්ව දුරකතන කෙටි පණිවිඩයක් එම මධ්‍යස්ථානය මගින් එවනු ඇති බව පවසයි.

තෙදින තුළ එන්නත්කරණය සිදු කරනු ලබන ස්ථාන වන්නේ,

කොළඹ – යුධ හමුදා රෝහල නාරාහේන්පිට
ගම්පහ – දිස්ත්‍රික් මහ රෝහල
කළුතර -දිස්ත්‍රික් මහ රෝහල

 

මෙතෙක් එන්නත්කරණ සම්බන්ධ තොරුතුරු ලබා නොදුන්නානම් 1906 දුරකතන අංකයට ඇමතුමක් ලබා දී අදාළ තොරතුරු ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *