ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ විශේෂ විමර්ශනයකදී, මහා පරිමාණ ජාවාරම්කාර කණ්ඩායමක් විසින් අතිවිශාල ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් අතිශය සූක්ෂ්ම සහ නීති විරෝධී ආකාරයෙන් මෙරටින් බැහැර කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පවතින නීතිමය රාමුව උල්ලංඝනය කරමින් සිදු කර ඇති මෙම ජාවාරම පිළිබඳව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වංචාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
මෙම වංචාව පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
















