නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී වලාන දූෂණ මර්දන ඒකකය විසින් සොයාගෙන තිබේ.
අයි-ෆෝන් වර්ගයේ දුරකථන ඇතුළු නවීන ජංගම දුරකථන 300කට අධික ප්‍රමාණයක් මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇත. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.














