බලපත්‍ර නොමැතිව ස්පා (Spa) ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් නීතිවිරෝධී ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළමනාකරුවෙකුට රුපියල් 75,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) නියෝග කළේය.
පෑලියගොඩ, බුලුගහ හන්දිය අසල පිහිටි මෙම ආයතනය බාලවයස්කාර දැරියන් පවා යොදාගනිමින් පවත්වාගෙන යන බවට පෑලියගොඩ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ. ප්‍රේමරත්න මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, අදාළ ගණිකා නිවාසයේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
එහි සිටි සැකකාරියන් තිදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට සමාජ රෝග තිබේද යන්න පරීක්ෂා කර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස ද පොලිසියට නියම කළේය. පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














