ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල කණ්ඩායමක් ගැබොන්හි සිදුකළ සංචාරය අවසන් කර තිබේ.
සැප්තැම්බර් 26 වනදා නිකුත් කළ ප්‍රකාශයක IMF සඳහන් කර ඇත්තේ ගැබොන් රජයේ රාජ්‍ය ණය විගණනයේ ප්‍රතිඵල, රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ 2027 සඳහා වන ප්‍රතිපත්ති සැලසුම් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බවයි.
මධ්‍යම අප්‍රිකානු රටක් වන ගැබොන් IMF සහාය සහිත වැඩසටහනක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර, ඉදිරි සතිවලදී රාජ්‍ය මූල්‍ය හා රාජ්‍ය ණය තත්ත්වය මෙන්ම ඉදිරි දැක්ම සම්බන්ධයෙන් තාක්ෂණික සාකච්ඡා තවදුරටත් පැවැත්වීමට නියමිත බව IMF පවසයි. එම සාකච්ඡා ඉදිරියේදී විධිමත් වැඩසටහන් සාකච්ඡා සඳහා මඟ සකස් කිරීම අරමුණු කරගෙන සිදුකෙරේ.
ගැබොන් මේ වනවිට රාජ්‍ය ණය සම්බන්ධයෙන් පීඩනයකට මුහුණ දෙමින් සිටින අතර, 2027 අයවැය සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් රැස් කිරීමට සැලසුම් කර ඇති බවද Reuters මීට පෙර වාර්තා කර තිබේ.
















