• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩගන්න එකම මාර්ගය IMF – මන්ත්‍රී ගාමිණි

21 March 2023
in දේශීය

ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ණය මුදල ලබා දීමට අනුමැතිය IMF ආයතනය එකඟවී ඇති අතර ඔවුන් ලබාදී ඇති කොන්දේසි අනුව ලබාගැනීම සිදු කරන අතර එය දීගුකාලීන නොව කෙටි කාලීන කටයුත්තක් බව පාර්ලිමේන්තු ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා, “මේ මොහොතවන විට IMF එක ශ්‍රී ලංකාවට අපිට බලාපොරොත්තු විදිහට ණය මුදල ලබා දෙන්න අනුමත කරලා තිබෙනවා. අපිට තිබෙන එකම ප්‍රශ්නය තමයි මෙයට විපක්ෂය උදව් කරනවාද නැත්ද කියන එක. පහුගිය දවස්වල විශාල වැඩවර්ජන රාශියක් කරා රටේ ආර්ථික අර්බුදයක් ඇති කරන්න. නමුත් අපේ රජයත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ගත්ත උත්සහයක ප්‍රතිපලයක් හැටියට අපිට ඒ ණය මුදල ලබා ගන්න පුළුවන් තත්වයට පත්වෙලා තිබෙනවා. විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, සජබේ මන්ත්‍රිවරුත් විවිධ චෝදනා එල්ල කරනවා. පහුගිය දවස්වල වරාය වර්ජනය කරපු නායකයෝ මාධ්‍යයට ඇවිත් කිව්වා ලංකාවට එන නැව් 15ක් එන එක නැවැත්තුවා කියලා. සජිත් ප්‍රේමදාස මහතාගෙන් අහන්න කැමති ඒ ප්‍රකාශය අනුමත කරනවාද කියලා. ඒ පිරිස බලය ඉල්ලන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ආර්ථිකය ශක්තිමත් කරන අවස්ථාවේ කඩාකප්පල් කරන්න කටයුතු කරන එක අනුමත කරනවාද? අද මේ රටේ දේශපාලන ප්‍රශ්න නෑ. මේ රටේ තිබෙන ප්‍රශ්නය තමයි කඩා වැටුණු ආර්ථිකය ගොඩ අරගෙන සාමාන්‍ය මහජනයාට මේ තිබෙන ආර්ථික අමාරුකම් නැතුව ජිවත්වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන එක. ඒ සඳහා තමයි අපි මහන්සි වෙන්නේ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිතුමා හැටියට පත් කරනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වුණේ එතුමාට ශක්තිය දිලා මේ ප්‍රශ්න විසදගන්න. අද ඒ ශක්තිය ලැබිලා තිබෙනවා. ලෝකයේ මේ වගේ කඩා වැටුණු රටවල් ගණනාවක් තිබෙනවා. නමුත් අපි අද අවුරුදු 03 ක් යන්නට පෙර අපි ඒ ප්‍රශ්නයට සුබදායි පිළිතුරක් ලබාදිලා තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රිවරු රැස්වීම් තිය තියා කතා කරන්නේ මේ රටේ ආර්ථිකය ගොඩගන්නවා කියලා. උදේ ඉදන් සචස් වෙනකන් කතා කරන්නේ මේ රට ගොඩගන්න නොවේ. මේ රටේ උගත් බුද්ධිමත් මහත්වරු පාරට බැහැලා කෑ ගහන්නේ බදු අය කරන්න එපා කියලා. බදු අය කරන්නේ කැමැත්තෙන් නොවේ. රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩගන්න එකම මාර්ගයක් මෙය. IMF එක අපිට දිලා තිබෙන කොන්දේසි අනුව එක ලබාගැනීමයි මේ සිදු කරන්නේ. එය දීර්ඝකාලීනව නොවේ කෙටි කාලීනව කරන කටයුත්තක්. අද සිට මෙය ආරම්භ වුණොත් අපි බලාපොරොත්තු වෙනවා අවුරුද්දක් වන විට මෙය ලබා ගන්නා වූ බදු ලිහිල් කරන්න පුළුවන් වෙයි. අපි සජබේටයි, ජනතා විමුක්ති පෙරමුණටයි කියන්න පුළුවන් නම් මේ සඳහා ඔබලාගේ අදහස කියන්න. මේ හැමකෙනාම වේදිකාවට නැගලා කියන්නේ රටේ ආර්ථිකය ගොඩනගන්න කටයුතු කරනවා කියලා. පළාත් පාලන මැතිවරණය ගැන අපි පක්ෂයක් හැටියට කියන්නේ මැතිවරණය තියන්න කියලා. මැතිවරණයක් තිබෙනවානම් දේශපාලන පක්ෂයක් හැටියට මුහුණ දෙන්න ලැස්ති. ජි.එල්.පිරිස් මහතා IMF එක ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ. ඡන්දය පිළිබඳවමයි කතා කරන්නේ.ඡන්දය නොවේ අද ඕන වෙලා තිබෙන්නේ. රටේ වැටිලා තිබෙන ආර්ථිකය ගොඩගෙනයි ඡන්දය පවත්වන්න ඕන. මේ රටේ වැඩකරන පංතියේ තිබෙන ආර්ථිකය හදන්නයි අපි මේ මහන්සි වෙන්නේ. ඉතාම දුෂ්කර කාලයක් පසු කළේ. නමුත් ඒ තිබුණු මිල අඩු කරගන්නත් අවශ්‍යයි. එතකොට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ කටයුත්ත තමයි දැන් කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් අපිට ජනප්‍රිය තීන්දු නොවෙයි ගන්න වුණේ. නමුත් රට වෙනුවෙන් ජනාධිපතිතුමා තීන්දු ගත්තා. අද ඒවා සාර්ථක වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා සිංහල අවුරුද්ද වන විට යහපත් සමාජයක් මේ රටේ ගොඩගන්න පුළුවන් වෙයි කියලා. මහජනයාට අවශ්‍ය පහසුකම් ලබාදීමයි අපේ පළමු පරමාර්ථය. ඒ පරමාර්ථය ඉෂ්ඨ කරන්න තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මේ ආණ්ඩුවට උදව් කරලා කටයුතු කරගෙන යන්නේ. එතුමා ඒ නායකත්වයෙන් ඒ කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

“සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ මෙම වසරේදී නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් – ඇමැති ප්‍රසන්න

Next Post

පාසල් දිවා ආහාර වැඩසටහන නිරීක්ෂණයට ඇමරිකානු තානාපති ඇඹිලිපිටියේ ගුරුආරගම විද්‍යාලයට යයි

editor

editor

Next Post

පාසල් දිවා ආහාර වැඩසටහන නිරීක්ෂණයට ඇමරිකානු තානාපති ඇඹිලිපිටියේ ගුරුආරගම විද්‍යාලයට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved