ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ අනුව, රජයේ බදු ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් මෙරට තුළ දේපළ බද්දක් හඳුන්වා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මීට පෙර ද අවස්ථා කිහිපයකදී මූල්‍ය අරමුදල විසින් මෙම බද්ද ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කර තිබුණද, විවිධ හේතු මත එය කල් දමනු ලැබීය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර, රාජ්‍ය ආදායම පුළුල් කිරීමේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස මෙම දේපළ බද්ද බලාත්මක කරන ලෙස මූල්‍ය අරමුදල මේ වන විට රජයට අවධාරණය කර ඇත.
මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ ඒ පිළිබඳව ඉදිරියේදී තීරණාත්මක තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















