ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මැදිහත්වීම මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් ස්ථාවරත්වයකට ලඟා වුවද, එම ණය සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබේද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පවතින බව ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥ, මහාචාර්ය එස්.පී. ප්‍රේමරත්න මහතා පවසයි.
ආර්ථිකය පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, දශක ගණනාවක් පුරා රටේ පැවති සහන දේශපාලන සංස්කෘතිය සහ දේශපාලනික අවශ්‍යතා මත ගත් අදූරදර්ශී තීරණ හේතුවෙන් රට තවමත් මාරක ණය උගුලක සිරවී සිටින බවයි. ආර්ථික විනයක් නොමැතිව සහන ලබා දීමේ ප්‍රතිපත්තිය නිසා සිදුවූ විනාශය වත්මන් පරම්පරාවට අත්විඳීමට සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
IMF වැඩසටහන තුළින් රටේ දළ දේශීය නිෂ්පාදිතය සහ මූල්‍ය විනය පාලනය වුවද, ජනතාවගේ දෛනික ජීවන වියදම සහ සැබෑ ආදායම් මට්ටම අතර පවතින පරතරය ආර්ථික ස්ථාවරත්වයකට වඩා සංකීර්ණ අභියෝගයක් බව මහාචාර්යවරයාගේ අදහසයි. රටක් ලෙස ස්ථිරසාර ආර්ථික ගමනක් යාමට නම්, මෙතෙක් පැවති සහන දේශපාලන මාර්ගය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීම අනිවාර්ය බවද ඔහු අවධාරණය කරයි.
















