27 July 2024
#සංවර්ධන

IMF සභාපතිනියව ඇමැති මංගල හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය වන ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මියව අද (15) අමේරිකාවේ වොෂින්ටන් නුවරදි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වි ඇත. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා දක්වන දායකත්වය පිළිබඳව මූල්‍ය අරමුදලේ නිලධාරින් දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

අඛණ්ඩව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබා දෙන රුපියල් බිලියන 1.5ක් වන 06වන ණය වාරිකය නොලැබුණ බැවින් ඒ සම්බන්ධයෙන්ද හෙමිදි සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

එළඹෙන පෙබරවාරි මාසයේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ශ්‍රි ලංකාවට පැමිනීමට නියමිත බව වාර්තා විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *