27 April 2024
#දේශීය

සංගා ජනාධීපතිවරණයට එන්නේ නෑ – ඇමැති රාජිත කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක කුමාර් සංගක්කාර මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී අමාත්‍යවරයාගෙන් මාධ්‍ය වේදීන් ප්‍රශ්ණ කර සිටියේ පසුගිය දිනක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක කුමාර් සංගක්කාර මහතා සමඟ පැය දෙකක කාලයක පැවැති සාකච්ඡාවකදී මැතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළාද යන්නයි. එයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ කුමාර් සංගක්කාර යනු ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ පුද්ගලයෙකු බවයි. ඔහු දේශපාලනය පැමිණෙන බව නොපැවසු බවත් එවැනි දෙයක් සිදු නොවනු ඇති බව සේනාරත්න මහතා අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *