• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න – රාජ්‍ය ඇමැති දුමින්ද

12 July 2021
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය 2030 වනවිට 70%ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාද වී ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම පිණිස ඊට සම්බන්ධ සියළු අංශ නොපමාව කටයුතු කළ යුතු බව සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය වසර 07 ක් වැනි කාලසීමාවක් තුළ , දියත් කිරීමට සැලසුම් සකස් කර ටෙන්ඩර් කැදවු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රාශියක් අදාළ ව්‍යාපෘති ලබාගත් සමාගම් විසින් මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා , පසුගියදා සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය යටතේ ප්‍රමාද වී ඇති මෙගා වොට් 550ක පමණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, කඩිනම් කිරීම, හා පද්ධතියට එකතු කර ගැනීම පිණිස කඩිනමින් කටයුතු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් විදුලි බල අමාත්‍යාංශ ලේකම් විසින් කමිටුවක් පත් කෙරුණු අතර එකී කමිටු නිර්දේශ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවිය.

මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව ඇති හෙක්ටයාර් 30, 000 ක පමණ ජලාශ මතුපිට වපසරියෙන් 25%ක ප්‍රතිශතයක සූර්ය බලාගාර ඉදිකිමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය සියළු දත්ත විදුලිබල අමාත්‍යාංශයට හා සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට මහවැලි අධිකාරිය කටයුතු කර තිබේ.

“සෞභාග්‍යයේ දැක්ම” මධ්‍යකාලීන සංවර්ධන ප්‍රවේශයට අනුව මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් මෙගා වොට් 3,000 ක් පමණ සූර්යබල විදුලියෙන් සපයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම පිණිස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හෙක්ටයාර් 7, 500 ක පමණ ජලාශ මතුපිට වෙන් කිරීමට තීරණය කර තිබේ .

විවිධ හේතූන් මත ප්‍රමාද වී ඇති මෙම ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට කටයුතු කරමින් , මෙරට පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම සිදු කළ යුතු බව හා සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩිව පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය ” “පසුගිය වසර 10 ක කාලය තුළ , යම් යම් හේතූන් මත අපේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් රාශියක් අක්‍රීය තත්ත්වයේ පැවතුනා. මේ ආකාරයෙන් මෙතෙක් ක්‍රියාත්මක නොවී ගොඩගැසී තිබෙන ව්‍යාපෘතීන් පිළිබඳව කරුණු සොයා බලා , ආයෝජකයන්ට යම් ගැටළු පවතින්නේ නම් ඒවාට පිළියම් ලබාදී හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතුයි. සෑම ආණ්ඩුවක්ම බලයට පැමිණෙන විට මේ ආකාරයෙන් ක්‍රියාත්මක නොවු ව්‍යාපෘතීන් ගොඩගැසී තිබෙනවා. මෙම තත්ත්වය වෙනස් කළ යුතුයි. මෙම ව්‍යාපෘති බාරව ක්‍රියාකරන ආයෝජකයන්ට අදාළ කොන්දේසි මත ව්‍යාපෘතීන් ඉදිරියට පවත්වා ගෙන යා නොහැකි නම්, ඔවුන්ගෙන් ඒවා නැවත ලබාගෙන , නැවතත් ඩෙන්ඩර් කැඳවා ,අවම මිලක් යටතේ ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර්කරුවන්ට එම ව්‍යාපෘතීන් ලබා දී ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. වසර 7ක් වැනි කාලයක් මෙම ව්‍යාපෘතීන් මේ ආකාරයෙන් ගොඩගැසී තිබෙනවා. අමාත්‍යාංශ මට්ටමින් අපි ලිපිගොනු ගොඩගහගෙන සිටීමෙන් හෝ ආයෝජකයන් ව්‍යාපෘති මේ ආකාරයෙන් නතරකරගෙන සිටීමෙන් කිසිදු පාර්ශවයකට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දින 07ක් ඇතුළත මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා ”යැයි සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ ව්‍යාපෘති නිලධාරීන් දැනුවත් කරමින් අවධාරණය කළේය .

 

Post Views: 10
Previous Post

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ ලක්ෂ 15 කට ආසන්නයි

Next Post

නෞකාවෙන් හානියටපත් ධීවරයන්ට ලබන සතියේ වන්දි – ධිවර අමාත්‍ය ඩග්ලස් කියයි

editor

editor

Next Post

නෞකාවෙන් හානියටපත් ධීවරයන්ට ලබන සතියේ වන්දි - ධිවර අමාත්‍ය ඩග්ලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved