27 April 2024
#දේශීය

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් දියුණු කරන්න – ඇමැති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සදුදා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කරමිනි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති චක්‍ර ලේඛයක් හේතුවෙන් පළාත් පාලන ආයතනවලට සිය බදු මුදලින් තම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමට හැකියාවක් නොලැබෙන බවත් මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ගණනාවක් තමන්ට ඉල්ලීම් ඉදිරිපත් කර තිබු බව ඇමතිවරයා කියා සිටියේය.

ඒ සදහා අවසර ලැබෙන්නේ නම් සිය ප්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනතුරු බලා සිටිමට පළාත් පාලන ආයතන වලට සිදු නොවන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *