පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂාවක් සඳහා ඉස්ලාමාබාද්හි Shifa International රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව යළි අඩියාලා (Adiala) බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව, ඔහු බන්ධනාගාරයේ රඳවා තැබීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව වෛද්‍යවරුන් තීරණය කර ඇත.














