• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2024 දී කෘත්‍රීම බුද්ධිය 6 ශ්‍රේණියේ සිට දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර

16 May 2023
in දේශීය

තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය අනුස්මරණය කිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (16) සහභාගී වෙමිනි.

එමෙන් ම මෙම නව විෂයන් ඉගැන්වීමට අමතර ව ශිෂ්‍ය ප්‍රජාව අතර ඉංග්‍රීසි භාෂා භාවිතය වඩාත් පුළුල් ව ප්‍රචලිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇති බවත් ඉදිරියේ දී ඒ තත්වය තව දුරටත් ප්‍රවර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

ඒ අනුව මේ වර්ෂයේ දී 2023 පාසල් අධ්‍යයන වර්ෂාරම්භයේ දී ම දීපව්‍යාප්ත ව පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට සෑම පාසලක ම ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස කථන භාවිතයෙන් ආරම්භ කළ බවත් සාම්ප්‍රදායික ලෙස 3 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස ඉගෙනීමේ දී සබකෝලය වැනි හේතු නිසා ඒ සඳහා පවතින උද්‍යෝගය සිසුන් අතර හීන වීමේ ප්‍රවණතාවක් පිළිබිඹු වන බවත් හෙතෙම පැවසී ය.

මෙරට සිසුන් අතර බොහෝ විට ඉංග්‍රීසි භාෂා භාවිතය සම්බන්ධයෙන් මනා ලිඛිත හා වටහා ගැනීමේ හැකියාවක් දක්නට ලැබුණ ද ඉංග්‍රීසි බසින් යමක් අන්‍යයන්ට පහදා දීමේ දී දක්වන දුර්වල භාවය මෙම වැඩ සටහන් ක්‍රියාවට නැංවීම මගින් වලක්වා ගැනීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

තවද සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන්ම ඉන් බාහිරවද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීම ඔස්සේ බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

ඒ අනුව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා කලාව යන විෂය මූලික කරගෙන ස්ටීම් අධ්‍යාපනය ( STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ක්‍රියාත්මක කිරීම මගින් විභාගවලට දිගු කලක් පීඩාකාරී ලෙස සූදානම් වෙමින් වෙහෙසීමට අවශ්‍ය නොවන බවත් වර්ෂාවසාන විභාගවලට වැඩි ලකුණු ප්‍රමාණයක් ගැනීමට අවශ්‍ය නොවන බවත් එදිනෙදා පන්ති කාමරය තුළ සිදු කෙරෙන ප්‍රායෝගික මොඩ්‍යුලර් ක්‍රම වේදය හරහා වැඩි ලකුණු ප්‍රමාණයක් සිසුන්ට පහසුවෙන් ලද හැකි බවත් හෙතෙම පැවසී ය.

 

Post Views: 19
Previous Post

නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 ට පත්වීම් ලබා දෙයි

Next Post

2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයක් - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved