• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාරිසරික අභියෝග මධ්‍යයේ කොළඹ වරාය නගරයෙන් කොරල්පර සංරක්ෂණයට ප්‍රමුඛත්වයක්

21 June 2023
in ව්‍යාපාර

කොළඹ මධ්‍යයේ ව්‍යාපාරික කලාපයෙන් විහිදෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, වෙරළබඩ හා ඒ ආශ්‍රිත පාරිසරික පිහිටීම්, සහ සමුද්‍ර වාසස්ථාන සංවර්ධනය තුළින් පාරිසරික සංරක්ෂණය සඳහා නිබද කැපවීමක් පෙන්නුම් කරයි.

මෙයට සැලකිය යුතු සාක්ෂියක් මෙන්ම පුර්වාදර්ශය වන්නේ වරාය නගරය වටා පිහිටා ඇති කිලෝමීටර් 3.7ක් දිගට විහිදෙන කෘත්‍රිම දියකඩනයත් එම දියකඩනය සමාන්තරව සශ්‍රීකව පවතින කොරල් පරයත්ය.
මෙම සශ්‍රීක කොරල්පර, අනාගතයේදී උග්‍ර වෙතැයි අපේක්ෂිත පාරිසරික අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් නිර්මාණය කරන ලද පුළුල් ගල්පර / කොරල්පර සංරක්ෂණ වැඩසටහනක කොටසකි. මෙම ප්‍රයත්නයන් ගෝලීය, කලාපීය සහ දේශීය පරිමාණයෙන් සාගර සංරක්ෂණ ප්‍රයත්නයන් මිණුම් සලකුණු කිරීමට ද මුලපිරීම සකසා ඇත.

දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික බලපෑම් හේතුවෙන් කොරල්පර උග්‍රවන තර්ජනවලට මුහුණ දෙන ගෝලීය පසුබිමක, කොළඹ වරාය නගරය විසින් ආරම්භ කරන ලද කලාපීය ප්‍රථම කොරල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වැඩසටහන පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසාධනය සඳහා පහසුකම් සැලසීම උදෙසා ඉතා වැදගත් වේ.

එපමණක් නොව, කොළඹ වරාය නගරය මෙම ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින්, විශේෂ සාගර ජීවින් විශේෂයන් පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන කෘතිම කොරල් තවානක්ද ස්ථාපිත කර ඇත. දිය යට නැව් සුන්බුන් කෞතුකාගාරයක් පිහිටුවීම සඳහා වරාය නගරය විසින්, ඉවත් කරන ලද යාත්‍රා 13 ක් නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කර ඇති අතරම, එය දියකඩනය සහ වෙරළ අතර ඇළ ඉවුරේ පිහිටා ඇත. මෙම දිය යට ආකර්ශනීය ප්‍රදේශය විවිධ මත්ස්‍යයන් සහ සාගර ජීවීන් සඳහා වඩාත් යහපත් සහ හිතකාමී වාසස්ථානයක් වනු ඇත.

මෙම මුලපිරීම්, සම්පුර්ණයෙන්ම සාක්ෂාත් කර ගත් විට, කොරල්පර ප්‍රතිසංස්කරණයේ වේගය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනවා පමණක් නොව, අනාගත පරපුරට ප්‍රතිලාභ සැලසෙන පරිදි නගරයේ කොරල්පර ආරක්ෂණ හැකියාවද අනිවාර්යෙන් ශක්තිමත් කරනු ඇත. එසේම එය ගෝලීය විද්‍යාඥයින්, පර්යේෂකයන් සහ පරිසර හිතකාමී සංචාරකයින්ගේ අවධානය ආකර්ෂණය කරගනිමින් ඔවුන් කොරල්පර සංරක්ෂණය සඳහා අද්විතීය පර්යේෂණ සහ සංවර්ධන අවස්ථාවන්ද ලබා දෙනු ඇත.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් කොළඹ වරාය නගරය සමුද්‍ර/ සාගර ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයේ ආකර්ශනීය ගමනාන්තයක් ලෙසත්, කොරල්පර විශේෂ ආරක්ෂා කිරීම සහ වර්ධනය කිරීම සඳහා නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙසත් ස්ථානගත වෙමින් පවතී. එලෙසම එසේ කිරීමෙන්, එය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ප්‍රමුඛ පාරිසරික භාරකාරත්වයේ සිය භූමිකාව යලිත් තහවුරු කරයි.

 

පිටපත – PR

Post Views: 33
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාද නිසා කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමට නොහැකිවේ – ඇමැති මනුෂ

Next Post

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 39ක ඖෂධ ප්‍රදානයක්

editor

editor

Next Post

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 39ක ඖෂධ ප්‍රදානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved